විදුලි ජනනයට අවශ්‍ය සමස්ත ගල් අඟුරු තොග ආනයනයට පියවර.

Date:

අප්‍රේල් මස 30 වැනිදා වනවිට මෙරට විදුලි ජනනයට අවශ්‍ය සමස්ත ගල් අඟුරු තොග ආනයනය කිරීමට හැකි බව ලංකා ගල් අගුරු සමාගම පවසයි.

එම සමාගම ප්‍රකාශ කළේ අප්‍රේල් මාසය වනවිට ගල් අඟුරු නැව් 32 ක් මෙරටට ගෙන ඒමට සැලසුම් කර ඇති බවයි.

ඉන් නෞකා 5 ක් මේ වනවිට ගෙන්වා ඇති අතර තවත් නැවක් ලබන සතියේ මෙරටට ළඟාවීමට නියමිතව තිබෙන අතර ඉතිරි ගල් අඟුරු නෞකා ජනවාරි සිට සතියකට නෞකා පහ බැගින් මෙරටට ළඟා වීමට නියමිතයි.

ලංකා ගල් අඟුරු සමාගම ජනතාවට දැනුම් දෙන්නේ නොරොච්චෝලේ බලාගාරයේ විදුලි ජනනය බිඳවැටෙන බවට පළ වන වාර්තා පිළිබඳව අනවශ්‍ය ලෙස කලබලයට පත් නොවන ලෙසයි.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩුවට වූ දේ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ...

විමල්‍ට වරෙන්තු!

රෂිකා හෙන්නායක ජනවාරි 14, කොළඹ LNW : හිටපු ඇමති විමල්...

උගන්ඩාවට ජයග්‍රහණ බර වැඩි කරන දුර

නිශ්මං රණසිංහ ජනවාරි 14, කොළඹ LNW: ඇමෙරිකාවේ ෆ්ලෝරිඩාවේ තලහසී නගරය...

LPL 2026 ක්‍රීඩක කෙටුම්පත් කිරිම මාර්තු 26 දා

නිශ්මං රණසිංහ ජනවාරි 14, කොළඹ LNW: එල්පීඑල් තරගාවලියේ හයවැන්න 2026...