විදුලි ජනනයට අවශ්‍ය සමස්ත ගල් අඟුරු තොග ආනයනයට පියවර.

අප්‍රේල් මස 30 වැනිදා වනවිට මෙරට විදුලි ජනනයට අවශ්‍ය සමස්ත ගල් අඟුරු තොග ආනයනය කිරීමට හැකි බව ලංකා ගල් අගුරු සමාගම පවසයි.

එම සමාගම ප්‍රකාශ කළේ අප්‍රේල් මාසය වනවිට ගල් අඟුරු නැව් 32 ක් මෙරටට ගෙන ඒමට සැලසුම් කර ඇති බවයි.

ඉන් නෞකා 5 ක් මේ වනවිට ගෙන්වා ඇති අතර තවත් නැවක් ලබන සතියේ මෙරටට ළඟාවීමට නියමිතව තිබෙන අතර ඉතිරි ගල් අඟුරු නෞකා ජනවාරි සිට සතියකට නෞකා පහ බැගින් මෙරටට ළඟා වීමට නියමිතයි.

ලංකා ගල් අඟුරු සමාගම ජනතාවට දැනුම් දෙන්නේ නොරොච්චෝලේ බලාගාරයේ විදුලි ජනනය බිඳවැටෙන බවට පළ වන වාර්තා පිළිබඳව අනවශ්‍ය ලෙස කලබලයට පත් නොවන ලෙසයි.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කරූට 86 යි !

සාධාරණ සමාජයක් උදෙසා වූ ජාතික ව්‍යාපාරයේ සභාපති, හිටපු කථානායක...

HIV අර්බුදයට මුහුණදීමට ෆීජි රාජ්‍යය හදිසි තත්ත්වයක් ප්‍රකාශ කරයි

සටහන: සශිකලා මධුෂාණී ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 29: ෆීජි රාජ්‍යයේ...

පෙට්‍රල්, ඩීසල් දැන් ඉතිහාසයට? – ලෝකයම මවිත කරමින් නෝර්වේ ගෙන ගිය විස්මිත හරිත පෙරළිය!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 29: සාම්ප්‍රදායික ඉන්ධන...

අද (29) දවසේ වැසි තත්වය

සටහන - රුවන් නෙළුගොල්ල අද (සැප්තැම්බර් 29) දිනයේදී ඌව, නැගෙනහිර...