සමාජ පිළිල තුරන් කිරීමට නීතිය තදින් ක්‍රියාත්මක කරන්නැයි ඇමති ටිරාන්ගෙන් පොලිසියට උපදෙස්

Date:

මිනීමැරුම් සහ මත්ද්‍රව්‍ය මැඩලීම් සඳහා උපරිම ක්‍රියාමාර්ග ගන්නැයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පොලිස්පතිවරයා ඇතුළු ඉහළ පොලිස් නිලධාරීන් කැඳවා උපදෙස් ලබාදී තිබේ.

ජනශක්ති සමූහ ව්‍යාපාරයේ සභාපති දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ කුරිරු සහ අභිරහස් ඝාතනය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන මෙන්ම මත්ද්‍රව්‍ය මැඩලීම සම්බන්ධව කෙරෙන පොලිස් විමර්ශනවල ප්‍රගතිය විමසා බැලීම සඳහා අමාත්‍යවරයා විසින් එම රැස්වීම අද (16) පෙරවරුවේ කැඳවා තිබිණි.

සංවිධානාත්මක අපරාධ කල්ලි මගින් සිදුකෙරෙන මිනීමැරුම් හා මත්ද්‍රව්‍ය ජාවාරම් සමස්ත සමාජයටම බරක් වී ඇති බැවින් මෙම ව්‍යසනකාරී තත්වය මර්දනය කිරීම සඳහා ඊට අදාළ පුද්ගලයින්ගේ තරාතිරම නොබලා එවැනි අපරාධකරුවන් සමාජයෙන් ඉවත් කිරීමට කටයුතු කරන්නැයි එහිදී අමාත්‍ය ටිරාන් අලස් මහතා ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන්ට නියෝග කර ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: උතුරු අප්‍රිකාවේ සිට ඔබේ පිඟානට ගෙන එන රසවත් කතන්දරේ!-Shakshouka, the One-Pan Wonder

සටහන – පුලී ජනවාරි 13, කොළඹ (LNW): ආයුබෝවන් ආහාර ලෝලීනි! මේ...

පැරදුණත් අනාගතයට කොළ එළි දල්වන රතු

නිශ්මං රණසිංහ ජනවාරි 13, කොළඹ LNW: කාන්තා විස්සයි විස්ස ජාතික...

ඉරානයේ පළමු මරණ දඬුවම හෙට ක්‍රියාත්මක කරයි;විරෝධතා හේතුවෙන් මියගිය සංඛ්‍යාව 2000 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ රාජ්‍ය විරෝධී...

හදිසියේම අප්පච්චියෙක් වුන ට්‍රම්ප්පච්චි! 

සටහන – පුලී ජනවාරි 13, කොළඹ (LNW): තුර්කියේ කාන්තාවක්, එක්සත්...