ඉදිරි මාස හයේ ලොකු වෙනසක් කරමු. කිසිම බලපෑමකට යටත් වෙන්න එපා – ඇමති ටිරාන් පොලිසියට කියයි

Date:

ඉදිරි මාස හය තුළ රටේ අපරාධ මර්දනය කර විශාල වෙනසක්‌ සිදුකිරීමට තමන්ට ඉලක්කයක් ඇති බවත්, එම ඉලක්කය සාර්ථක කර ගැනීම සඳහා ඕනෑම අභියෝගයකට මුහුණ දීමට තමන් සූදානම් බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි.

අමාත්‍ය ටිරාන් අලස් මහතා මේ බව පැවසුවේ මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම් වියානි ගුණතිලක, වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු ඉහළ පෙළේ පොලිස් නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් කොළඹ ටොරිංටන්හි පිහිටි අපරාධ වාර්තා කොට්ඨාසයේදී පෙරේදා (15) පැවති විශේෂ වැඩමුළුවකට එක්වෙමිනි.

“ඕගොල්ලන් ඉස්සරහට ඇවිල්ලා වැඩක් කරලා මොනවා හරි ප්‍රශ්නයක් වුණොත් මම ඕගොල්ලන් වෙනුවෙන් පෙනී හිටිනවා. මම බලාපොරොත්තු වෙන්නෙ නෑනෙ ඕගොල්ලන් බිස්කට් පැකට් එකක් අරන් මාව බලන්න එන්න, බෝතලයක් අරන් මාව බලන්න එන්න … එහෙම ආවත් මං ගන්නෙ නෑනෙ. ඉතින් මට ඕනෙ ජොබ් එක කරන්න. මගේ එක ඉලක්කයක් තියෙනවා එන මාස හය ඇතුළත ලොකු වෙනසක් කරන්න පොලිසියේ. පොලිසියේ කියන්නෙ රටේ. රටේ අපරාධ පැත්ත නැතිකරලා ඒක කරන්න මගේ ඉලක්කයක් තියෙනවා. මම සාමාන්‍යයෙන් මගේ ඉලක්කයක් තියෙනකොට මම ඒ ඉලක්කයට යනවා. මගේ ඉලක්කයට යන එකට බාධා කරන්න එන ඕනෙ එක්කෙනෙකුට මම ගහගෙන යනවා. මොන තරම් බලවත් පුද්ගලයෙක් වුණත් එහෙමයි. ඉතින් ඒක මගේ හැටි. මෙතෙක් කල් මෙච්චර අවුරුදු ගාණක් මම එහෙම තමයි ඉස්සරහට ඇවිත් තියෙන්නෙ. ඒක හින්දා මම ඕගොල්ලන්ට කියන්නෙ අපි ඔක්කොම එකතුවෙලා මේ දේ කරමු. බය නැතිව ක්‍රියාමාර්ග ගන්න, මම ඕගොල්ලන් වෙනුවෙන් පෙනී හිටිනවා මොනවා හරි ප්‍රශ්නයක් වුණොත්. කාටවත් මං ඇඟිලි ගහන්න දෙන්නෙ නෑ. කවුරුහරි අල්ලාගත්තාම කවුරුහරි කතා කළොත් එයාව බේරන්න කියලා, එහෙම බේරන්න යන්න එපා. එහෙම ලොකු බලපෑමක් තියෙනවා නම් ඔය සියලු දෙනාටම ඕනෙ වෙලාවක මට ටෙලිෆෝන් කරලා කතා කරන්න පුළුවන්, පොලිස්පතිතුමාට කියන්න පුළුවන්. කියන්න මට. කිසිම බලපෑමකට යටත් වෙන්න එපා”

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩුප්ලෙන්ටිස්ගේ පියාඹණ උස තවත් ඉහළට

නිශ්මං රණසිංහ ජුනි 17, කොළඹ LNW: සර්ජි බුබ්කා රිටි පැනීමේ...

‘ඉරානයේ උත්තරීතර නායකයාට සදාම් හුසේන්ට සමාන ඉරණමකට මුහුණ දීමට සිදුවනු ඇත’ – කැට්ස්

සටහන: සශිකලා මධුෂාණිජුනි 17; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ උත්තරීතර නායක...