*
Wednesday, May 1, 2024
spot_img

Latest Posts

කලින් පාර වගේ පාණ්ඩුවක් නැතුව අපේම ආණ්ඩුවක් හදාගන්න සූදානම් වෙමු – බැසිල් (VIDEO)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පිහිටුවීමෙන් අනතුරුව මෙතෙක් පැවැත්වී ඇත්තේ මැතිවරණ තුනක් බවක් ඒ මැතිවරණ තුනම ජයග්‍රහණය කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බවත් එම පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

ඉදිරියේදී ද කවර මැතිවරණයක් පැවැත්වුවත් එය ජයග්‍රහණය කරන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින්ම බවයි ඒ මහතා සඳහන් කළේ.

පසුගිය අරගල සමයේ සිදුවීම් සම්බන්ධයෙන් තමන් කිසිවෙකුට වෛර නොකරන බව පැවසූ ඒ මහතා තම පාක්ෂිකයින් බොහෝ පිරිසකට නිවාස, දේපළ අහිමිවූ අතර තවමත් එයින් විශාල පිරිසකට කිසිදු වන්දියක් හෝ නොමැති බවත් ප්‍රකාශ කළේය.

ඉදිරියේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේම ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කළ යුතු බව පැවසූ ඒ මහතා එය කලින් වතාවේ මෙන් පාණ්ඩුවක් නොවීමට ද වගබලා ගතයුතු බවත් පැවසීය.

බැසිල් රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ ඊයේ (15) පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දෙවැනි ජාතික මහා සම්මේලනය අමතමිනි.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan