වැලිගම වෙඩි තැබීමක්. දෙදෙනෙක් රෝහලට !

Date:

වැලිගම මුහුදු මාවතේ ඉන්ධන පිරවුම් හල අසල පිහිටි මාලු අලවිසලක ඊයේ (15) රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමකින් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

මෙසේ තුවාල ලබා ඇත්තේ මාළු අලෙවිසලක ව්‍යාපාරිකයකු සහ එම වෙළඳසැලේ සහායකයෙකි.

මාළු මිලට ගැනීමට බවට අඟවමින් යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් ඊයේ රාත්‍රී 09.15 ට පමණ මෙම වෙඩි තැබීම සිදු කොට පලා ගොස් ඇත.

වෙඩි වැදීමෙන් තුවාළ ලත් දෙදෙනා වැලිගම වලාන රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මාතර මහ රෝහලට මාරුකර යවා තිබේ.

පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීනය ලෝකයට තවදුරටත් විවෘත වීමට සූදානම් – චීන ජනපති!

කොළඹ LNW:2026 නව වසර උදා වීම නිමිත්තෙන් චීන ජනාධිපති...

‘Rebuilding Sri Lanka’ ජනාධිපති කාර්ය සාධක බලකාය පත්කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල 'දිට්වා' සුළි කුණාටුවෙන් පසු ආපදා ප්‍රතිසාධනය,...

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75 පමණ තරමක තද වැසි – නව වසරේ පළමු දවසේ කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 01) දිනයේදී නැගෙනහිර, මධ්‍යම,...