කොළඹ LNW:රටපුරා සිදුවන අපරාධ පිළිබද සොයා බැලීමට වෝහාරික ජංගම රථයක් සේවයට එක් කර තිබේ.
ඒ, අතර පොලිස්පති සහන මැදිරියත් යළි ක්‍රියාත්මක ව පසුබිමකයි.
නවීන තාක්ෂණයත් සමග අපරාධකරුවන් ඔවුන්ගේ අපරාධ සැලසුම් කිරීමේ දී හා ක්‍රියාත්මක කිරිමේදී තාක්ෂණය වැඩි වශයෙන් භාවිත කිරීම මේ දිනවල පවතින ප්‍රවණතාවක් වන අතර එම අපරාධ විමර්ශනය කිරීමට අවශ්‍ය සියලු පහසුකම්වලින් සමන්විත වෝහාරික රථයකුයි හදුන්වා දී ඇත්තේ.
වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් එම රථය සේවයට එක්කර තිබෙන අතර සිද්ධිය වූ ස්ථානයටම ගොස් පරික්ෂණ සිදු කිරීමේ පහසුකම ඊට පවතින බව සඳහන්.
ASK