ජෙනරේටරේට සල්ලි නැති – ක්‍රීඩා අරමුදලට දෙන්න සල්ලි ඇති ශ්‍රී ලංකා වොලිබෝල්

Date:

වොලිබෝල් සම්මේලනය විසින් සංවිධානය කර පවත්වාගෙන යන මන්චි සුපර් ලීග් තරගාවලියේ අවසාන තරග දක්වා මේ වන විට තරගාවලිය පැමිණ ඇත.එය ජාතික ක්‍රීඩාව වෙනුවෙන් පැවත්වෙන ඉහළම තරගාවලිය වන අතර,ලංකාවේ ප්‍රධානම කණ්ඩායම් සහභාගි වන, ජාතික කණ්ඩායම් නියෝජනය කරන සියලුම ක්‍රිඩකයින් පාහේ මෙම තරගාවලියේදී සිය දක්ෂතා විඳහා දැක්වීම තරගාවලියට එක් කරන්නේ ආලෝකයක්ය.


රටේ තරගාවලි සංවිධානයට සුදුසු ආර්ථිකමය සහ සමාජිය තත්ත්වයක් දකින්නට නොතිබියදීත් ඉතා අපහසුවෙන් ජාතික මට්ටමෙන් සහ ජාත්‍යන්තර මට්ටමෙන් තරග සංවිධානයට සහ තරග සංචාර සඳහා ජාතික කණ්ඩායම් සහභාගි කරවීමට දක්වන උනන්දුව අගය කළ යුතුය.එහෙත් එවැනි දුෂ්කර තත්ත්වයන් හමුවේ ශ්‍රී ලංකා වොලිබෝල් පරිපාලනය හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා අභියෝගයකට මුහුණ දුන් අවස්ථාවේ ක්‍රීඩා අරමුදලට අවස්ථා දෙකකදී මුදල් පරිත්‍යාගයන් සිදු කරමින් තමන්ගේ උපරිම දක්ෂතා සහිත තරගාවලියට විදුලි උත්පාදන යන්ත්‍රයක් ගැනීම සඳහා මුදල් නොයෙදිමෙන් ගැටළුකාරී තත්ත්වයකට මුහුණ දී තිබේ.


ශ්‍රී ලංකා ක්‍රිකට් සහ ක්‍රීඩා අමාත්‍යවරයා අතර ගැටළුව ඇති වන්නට එක් හේතුවක් ලෙස ක්‍රීඩා අමාත්‍යවරයා ක්‍රීඩා අරමුදල සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් මුදල් ඉල්ලීම කියන කාරණය පැන නැඟුණු අවස්ථාවේ අමාත්‍යවරයා වෙනුවෙන් ඉදිරිපත් වූ ශ්‍රී ලංකා වොලිබෝල් පරිපාලනය අවස්ථා දෙකකදී ලක්ෂ හත හමාරක මුදලක් ක්‍රීඩා අරමුදලට පරිත්‍යාග කළේය.එහෙත් එසේ මුදල් වැය කළ ශ්‍රී ලංකා වොලිබෝලයට තමන් විසින් සංවිධානය කරන්නට යෙදුණ සුපිරිතම වොලිබෝල් තරගාවලිය වෙනුවෙන් විදුලි ජනක යන්ත්‍රයක් යෙදවීමට මුදල් නොයෙදවීමෙන් ක්‍රිඩාවේ දී ගැටළු ඇති කර ගැනීම ක්‍රීඩාවට වඩා පාලකයන් දේශපාලනයට අවධානය යොමු කිරීමෙන් මතු වූ ගැටළුවක් බව බොහෝ දෙනාගේ අදහස වී ඇත.


දෙසැම්බර් 9 වන දා රටම විදුලිය විසන්ධිවීමකට ගොදුරු වූ මොහොතේ පැවත්වෙමින් තිබුණ තරගය වූයේ විදුලි බල මණ්ඩල කණ්ඩායම සහ වරාය අධිකාරිය අතර තරගය ය.පස්වරු 5.05 ට සිදු වූ විදුලිය බිද වැටීම නිසා තරගය නැවත් වූ තැන සිට ඉදිරියට ගෙන යාමට තීරණය විය.ඒ නැවත පස්වරු 9.30 සිටය.
නමුත් මේ සම්බන්ධයෙන් විරෝධය මතු කරන පාර්ශව පෙන්වා දෙන්නේ තරගාවලිය ආරම්භයට පෙර ජෙනරේටර් යන්ත්‍රයක් නොමැති නිසා විදුලිය ඇණහිටීමක් සිදු උවහොත්, ජාත්‍යන්තර නීතියට අනුව පැය හතරක් ඇතුළත නැවත විදුලිය නොපැමිණීයහොත්, නැවතත් එම තරගය මුලසිටම ආරම්භ කරන බවට තිබූ නීතිමය එකඟතාවය, සංවිධායක මණ්ඩලයේ අවශ්‍යයතාවය පරිදි එම නීතිය වෙනස් කරමින් තරග පැවත්විය හැකි බව කියමින් බිඳ දැමූ බවය.මේ සඳහා විනිශ්චයේ යෙදී සිටිය පිරිස ද එකඟ වී නොමැති බවත් ඔවුන් සටහනක් තබා සියලු දෙනාම අත්සන් යොදා මේ තරගය පවත්වමින් සිය විරෝධය පළ කර ඇති බවත් පෙන්වා දෙන එම පාර්ශව එහිදී ප්‍රධාන විනිසුරුවරයාට වොලිබෝල් පරිපාලනය පැත්තෙන් යම් නිලධාරියෙකු තර්ජනය කළ බව ද සඳහන් කරයි.මේ සමඟ ඇති ප්‍රධාන ඡායාරූපයෙන් දැක්වෙන්නේ විනිසුරුවන් තරගය නැවත් වූ වේලාව සහ නැවත ආරම්භ කරන ලද වේලාව සඳහන් කර අත්සන් තබා තරගය පවත්වාගෙන ගිය ලේඛණය ය.


මේ සියල්ලට මුහුණ දෙන්න සිඳු වූයේ තරගය අතරතුර විදුලිය විසන්ධි වීමකට මුහුණ දෙන්නට විදුලි ජනක යන්ත්‍රයක් නොමැතිකමය.තමන් සිඳු කරන ප්‍රධානතම තරගාවලියට විදුලි ජනක යන්ත්‍රයක් මිලදී ගන්නට මුදල් නැති හෝ උවමනාවක් නැති පිරිසක් ක්‍රීඩා අමාත්‍යවරයා දේශපාලන වශයෙන් අර්බූදයකට මුහුණ දුන් අවස්ථාවේ ක්‍රිඩා අරමුදලට ජාතික සංගම් විසින් මුදල් ලබා දීමේ වගකීමක් මවා පාන්නට වොලිබෝල් පරිපාලනයෙන් කළ මුදල් පරිත්‍යාගය හරහා පෙන්වා දෙක්නේ ශ්‍රී ලංකා වොලිබෝල් තමන්ගේ ක්‍රීඩාවට වඩා දේශපාලන න්‍යාය පත්‍ර පසුපස යාම, වොලිබෝල් ප්‍රේමීන්ගේ උදහසට හේතු වි ඇති බවය.
පවුලක් හැටියට නිතරම වොලිබෝල් ගැන හඳුන්වා දෙන පිරිස සමඟ එය ඇත්තක් සේ සළකා දුක සැප බෙදාගෙන සිටීම අවුලක් නොවන බවත්,නමුත් එම පවුලේ පියවරුන් තියෙන තුට්ටු දෙක වොලිබෝලයේ උන්නතියට නොයොදවා, දේශපාලන ගැටළුවවලට වැය කර වොලිබෝල් බඩගින්නේ තැබීම අනුමත කළ නොහැකි බවත් එම පිරිස පවසති.


වොලිබෝල් පරිපාලනයට මුදල් නැත්නම් පිරිවර සමඟ එක්ව හිටපු ක්‍රීඩා ඇමතිට එල්ල වන චෝදනාවලින් ඔහුව මුදවා ගන්න දේශපාලන ව්‍යාපෘතියකට දායක වන අයුරෙන් ක්‍රිඩා අරමුදලට මුදල් ලබා දෙමින්,රොෂාන් රණසිංහ වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත යැවූ බූමරංගය දැන් වොලිබෝල් වෙතම නැවත පැමිණ ඇති බවත් ඇතැම් හූ මේ සිදුවිම පාදක කරගෙන පෙන්වා දෙති.
එම සිදුවීම ඇසුරේ සමාජජාලාවන් හී ප්‍රචාරය වූ ඡායාරූප කිහිපයක් ද මේ සමඟ ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරුණෑගල හිටපු නගරාධිපති රට පනින්නද හදන්නේ?

කොළඹ LNW:කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ රටින් පිටව...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 5වන වෙළුම 2025 ජුලි කලාපය හිටිවන හෙළ කවේ නද...

ප්‍රකෝටිපති මස්ක් නව දේශපාලන පක්ෂයක් පිහිටුවන ලකුණු ?

සටහන: සශිකලා මධුෂාණිජුලි 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

බස් ගාස්තු සංශෝධනය වෙයි – නව ගාස්තු ජූලි 4 සිට ක්‍රියාත්මකයි!

කොළඹ LNW:එළැඹෙන ජූලි මස 04 වැනි දින සිට බස්...