ගුටිකාපු එකට මහින්ද කොමිසමක් ඉල්ලයි – අනාගතයේදී සාධාරණව විසඳා ගන්නා බවත් කියයි

Date:

කොළඹ LNW: අරගලය සමයේ දී සිය පාක්ෂිකයන්ට සිදුවූ හානි පිළිබඳව විශේෂ කොමිෂන් සභාවක් පත්කර විමර්ශනයක් සිදුකළ යුතු බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ පැවසුවේය.

ඒ ඊයේ (15) පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ සමුළුව අමතමිනි.

පක්ෂ සම්මේලනය තිබෙන බව ප්‍රකාශ කිරීමෙන් අනතුරුව සමාජ මාධ්‍ය හරහා මඩ ගැසීම ආරම්භ වූ අතර 2005 දී රට භාර ගන්නා මොහොතේදීත් එලෙස මඩ ප්‍රාහැර එල්ල වූ බව මතක තබා ගත යුතුව ඇති බව රාජපක්ෂ මහතා කියා සිටියේය.

”30 අවුරුදු යුද්ධයේ දී මේ රටේ කිසිම නායකයෙක්ට ප්‍රභාකරන් එක්ක මුහුණට මුහුණ යුද්ධ කරන්න බැරි වුණා. සමහර නායකයෝ යුද්ධය නවත්වන්න ප්‍රභාකරන්ට ආයුධ පවා දුන්නා මතකද? මම අහන්නේ නෑ ඒ කවුද කියලා. යුද්ධයක් ගැන මතකයක් නැති දරුවන් අද සමාජගත වෙමින් ඉන්නවා. හැබැයි මේ දරුවෝ රවට්ටගෙන තමන්ගේ දේශපාලන අවශ්‍යතා සපුරාගන්න උත්සාහ කරන පිරිසකුත් දැන් ඉන්නවා.

මේ තොරතුරු දන්නේ නැති පිරිසක් තමයි කයිය නායකලා. ඒ මඟ යමින් ඒ කණ්ඩායමට අහුවෙලා බොරු ප්‍රචාර කරනවා. එයාලා හැමදාම කළේ විවේචන විතරයි. වැඩක් නෑ. වැඩක් නෑ නෙමෙයි වැඩ බෑ. එක දෙයක් එයාලට හොඳට පුළුවන්. එයාලට හොඳට ගිනි තියන්න පුළුවන්. ගිනි තියන්න පුළුවන් වුණාට ගිනි නිවන්න බෑ. ගස් නගින පූස් පැටව් වගේ. ගහට නගිනවා. ගහෙන් බහින්න බෑ.

සමහරු බලය ගන්න කලින්ම සූට් මහලා. ඒ සූට් මහලා ඉන්න කවුරුත් රට අමාරුවේ වැටුණ වෙලාවේ. සූට් එක ඇන්දේ නෑ. එහෙම නායකයන්ට රට භාරදෙන්න ඔබ සුදානම්ද? ඒ නිසා මොන බලවේග ආවත් හෙට දවසෙත් රටේ ප්‍රබලම බලවේගය අපේ පක්ෂය කියලා විශ්වාසයෙන් කියනවා. එදා අරගලයට මුවා වෙලා අපේ පාක්ෂිකයන්ට ඇතැමෙක් හිරිහැර කළා. අපේ මන්ත්‍රීවරයෙක් මහ මඟ මරා දැම්මා. හරි නම් මේවට කොමිසමක් පත් කරලා විමර්ශන කරන්න ඕනේ. මේ ප්‍රශ්න අපි අනාගතේ දවසක සාධාරණව විසඳාගන්නවා” යනුවෙන් හිටපු ජනාධිපතිවරයා සියා පාක්ෂිකයන් හමුවේ සඳහන් කරන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රජය ලබාදුන් ආදයම් ඉලක්කයට යා හැකියි – රේගු මාධ්‍ය ප්‍රකාශක

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW: අද (3) කොළඹ දී...

විවාහයෙන් දින දහයකට පසු මරු තුරුළට ගිය ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota!

සටහන – පුලී ජූලි 03, කොළඹ (LNW): ලිවර්පූල් සහ පෘතුගාල...

අවධමන රැල්ලේ අවසන් මාසය

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2025 ජූනි මාසය තුළද...

සිසු සැරිය සඳහා රජයෙන් ලබා දෙන ගාස්තුව ඉහළ නැංවීමේ සැලසුම්!.

කොළඹ LNW:පාසල් දරු දැරියන් ප්‍රවාහනය කරන සිසු සැරිය පාසල්...