ඇමරිකාවට ස්තූතිය පළකරමින් අවසානය දක්වා යුද්ධ කරන බව නෙතන්යාහු කියයි!

Date:

කොළඹ LNW: පසුගිය ඔක්තෝබර් මාසයේ 07 වන දා සිට ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර ගැටුමින් අද දිනය දක්වා ගෙවුණු දින හැත්තෑවක කාලය තුල, පලස්තීන ජාතිකයන් 18,787 දෙනෙකු ඝාතනය කොට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

එම කාල සීමාව තුළ මියගොස් තිබෙන ඊශ්‍රායල ජාතිකයන් සංඛ්‍යාව 1147 කි.

මෙම යුද්ධය සදහා ලබා දෙන ආශිර්වාදයටත්, අවි ආයුධවලටත් තමන් එක්සත් ජනපදයට ස්තුති කරන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පවසා ඇත.

සම්පූර්ණ ජයග්‍රහණයක් අත්කර ගන්නා තෙක්, යුද්ධය ඉදිරියට ගෙන යන බවද ඔහු අවධාරණය කරයි.

මේ අතර අත්වැරදීමකින් ගාසා තීරයේ රඳවා සිටි ප්‍රාණ ඇපකරුවන් තිදෙනෙකු ඝාතනය වූ බව ඊශ්‍රායලය පවසා තිබේ.

28 හැවිරිදි යොතැම් හයිම්, 22 හැවිරිදි සේමර් ටලල්කා හා 26 හැවිරිදි ඇලන් ශම්‍රිස් එලෙස ඝාතනය වී ඇති බව සඳහන්.

ගාසා හි උතුරේ ෂෙජායියාහි දීයි ඔවුන් තිදෙනාට වෙඩි තබා ඇත්තේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...