ඇමරිකාවට ස්තූතිය පළකරමින් අවසානය දක්වා යුද්ධ කරන බව නෙතන්යාහු කියයි!

Date:

කොළඹ LNW: පසුගිය ඔක්තෝබර් මාසයේ 07 වන දා සිට ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර ගැටුමින් අද දිනය දක්වා ගෙවුණු දින හැත්තෑවක කාලය තුල, පලස්තීන ජාතිකයන් 18,787 දෙනෙකු ඝාතනය කොට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

එම කාල සීමාව තුළ මියගොස් තිබෙන ඊශ්‍රායල ජාතිකයන් සංඛ්‍යාව 1147 කි.

මෙම යුද්ධය සදහා ලබා දෙන ආශිර්වාදයටත්, අවි ආයුධවලටත් තමන් එක්සත් ජනපදයට ස්තුති කරන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පවසා ඇත.

සම්පූර්ණ ජයග්‍රහණයක් අත්කර ගන්නා තෙක්, යුද්ධය ඉදිරියට ගෙන යන බවද ඔහු අවධාරණය කරයි.

මේ අතර අත්වැරදීමකින් ගාසා තීරයේ රඳවා සිටි ප්‍රාණ ඇපකරුවන් තිදෙනෙකු ඝාතනය වූ බව ඊශ්‍රායලය පවසා තිබේ.

28 හැවිරිදි යොතැම් හයිම්, 22 හැවිරිදි සේමර් ටලල්කා හා 26 හැවිරිදි ඇලන් ශම්‍රිස් එලෙස ඝාතනය වී ඇති බව සඳහන්.

ගාසා හි උතුරේ ෂෙජායියාහි දීයි ඔවුන් තිදෙනාට වෙඩි තබා ඇත්තේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වේගයට මඟ පෙන්වන්න මාලිංගට කෙටි කාලීන පත්විමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය,...

චනිත්මා හඬින් පමණක් නොවන වැඩෙනුත් හැඬ පෙන්වයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ ස්කෝෂ්...

2026 නව වසර උදා වූ රටවල්…

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ LNW : ලොව පුරා රටවල්...

ශ්‍රී ලාංකේය ගායන වංශකතාවේ සදාකාලික ‘රැජිණියනි’ හීන හතක් මැද ඔබ තැනු විමනේ සුවසේ නිදන්න !

සටහන : සශිකලා මධුෂාණි ශ්‍රී ලාංකේය ගායන ක්ෂේත්‍රය බැබලවූ...