නාමල්ගෙන් මාධ්‍යවේදීන්ට පිළිතුරු

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිය නව නිලධාරී මණ්ඩලය අද පත්කළ බව හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා  පැවසීය.

නමුත් බැසිල් රාජපක්ෂ විසින් දරන ලද ජාතික සංවිධායක ධුරය පුරප්පාඩුව තබා ඇති බව මාධ්‍යවේදීන් විසින් කරන ලද විමසීමකදී නාමල් රාජපක්ෂ මහතා  පිලිතුරු ලෙස ලබා දී තිබිණි.

පක්ෂයේ නායක මහින්ද රාජපක්ෂගේ නිල නිවසේදී රැස්වූ පක්ෂයේ විධායක සභාව මෙම තීරණවලට එළඹ තිබෙන බවද ඒ  මහතා කියා සිටී.

පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් යළිත් වරක් මහලේකම් ලෙස පත්කර ඇත.
ඊට අමතරව පක්ෂයේ නව භාණ්ඩාගාරික ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී පවිත්‍රා වන්නිආරච්චි පත්කර තිබේ.

පක්ෂයේ සභාපතිවරයා ලෙස උතුරාවල ධම්මරතන හිමියන් යළි පත්කිරීමටද පියවර ගෙන ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ද සිය දේශපාලන මණ්ඩලයටද සාමාජිකයන් පත්කර ඇති අතර, එහිදී නියෝජ්‍ය ජාතික සංවිධායක තනතුරු ද මෙවර නිර්මාණය විය.

මෙම තනතුරු සඳහා දෙමළ සහ මුස්ලිම් ජාතිකයකු පසුව තෝරාගැනීමට පක්ෂය අපේක්ෂා කරයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩොනල්ඩ් ට්‍රම්ප් එප්ස්ටයින් ලිපිගොනු නිදහස් කිරීමේ පනතට අත්සන් තබයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : අපකීර්තියට පත්...

සමාව දෙන සමාජයක් බිහිකරමු ….

"සමාව දෙන්නෙ නෑ" කියන්නෙම පලිගැනීම සහිත චෛතසිකයක්. ඒක අශිෂ්ඨත්වයේ...

පාසල් පැසිපන්දුව අධ්‍යාපන අමාත්‍ය ධූරයට හෝ අධ්‍යාපන අමාත්‍යංශයට අදාල නැති ක්‍රීඩාවක් ද

නිශ්මං රණසිංහ නොවැම්බර් 20, කොළඹ LNW: පාසල් පැසි පන්දු ක්‍රීඩාවේ...

බංගලාදේශය පරදා ශ්‍රී ලංකාව අවසාන පූර්ව වටයට

නිශ්මං රණසිංහ නොවැම්බර් 20, කොළඹ LNW: ආසියානු නැගී එන ක්‍රිකට්...