*
Wednesday, December 18, 2024
spot_img

Latest Posts

රොබෝකරණය වෙමින් පවතින මනුෂ්‍ය අයිතිවාසිකම් වලට යන කලදසාව!

සටහන: පුන්සරා ලියනගේ

දෙසැම්බර් 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):”ටෙස්ලා ආයතනයේ ඔප්ටිමස් රොබෝවරයා ළදරු පියවර ගනිමින් සිටී” ඉන්ස්ටග්‍රෑම් හි ටෙස්ලා විසින් පළකල පෝස්ටුවක දැක්වුණු හියුමනොයිඩ් රොබෝවරයා බෑවුමක ඇවිදීමට උත්සාහ කරන ආකාරය දැක්වෙන වීඩියෝව ලොව පුරා නරඹන්නන් අතර ජනප්‍රිය වී තිබේ.

මෙම ක්ලිප් එක මඟින් ඔප්ටිමස් අසමාන මතුපිටක් තුළ ඇවිදීමට ගත් උත්සාහය , සිඟිති දරුවෙකු මෙන් පැද්දීම සමහර පරිශීලකයන්ට විනෝදාස්වාදයක් ද ලබා දී ඇත.

නවතම කෘත්‍රිම බුද්ධියේ (AI) සහ රොබෝ තාක්ෂණයේ මායිම් පිළිබඳ සිත් ඇදගන්නා විවාදයක් ඇති කරමින් රොබෝ තාක්ෂණයේ නව මං සොයා යන මේ ගමනේ, මෙවැනි කාගේත් කතාබහට ලක්වන රොබෝවරයෙකුගේ වීඩියෝවෙහි දැක්වෙන පරිදි Optimus රොබෝවරයාගේ ප්‍රතික්‍රියාව, කෘතීම බුද්ධියේ ජීවමානභාවය සහ චිත්තවේගීය ප්‍රතිචාර දක්වන සිතිවිලි සමඟ ගනුදෙනු කිරීමට සැරසෙන බවක් පෙනේ.

“I, Robot” චිත්‍රපටය මගින් ද මෙවැනි අනාගතයක් (2035) පිළිබඳ කතාවක් හෙළි කරන අතර, එක්සත් ජනපද රොබෝ විද්‍යාව විසින් නිර්මාණය කරන ලද රොබෝවරයෙක් රොබෝ විද්‍යාවේ නීති උල්ලංඝනය කර එහි නිර්මාණකරු මරා දැමීමක් සම්බන්ධ සිදුවීමක් දක්වයි.

කෙසේ වෙතත් මෙම ආකාරයේ රොබෝවරුන්ගේ මෙවැනි ක්‍රියාකලාපය පිලිබඳ දෙපාරක් සිතා බැලිය යුතුය.

ඔප්ටිමස් වැනි රොබෝවරුන් නිර්මාණය කර ඇත්තේ අදහස් හුවමාරු කර ගැනීම්, ශරීර ඉරියව් මෙන්ම චලනයන් වැනි මිනිසුන්ට සමාන හැසිරීම් අනුකරණය කිරීමට වීම විශේෂත්වයකි. අපිට යම්කිසි දෙයක් සිදුවන විට අපේ ඇඟෙන්ම එන ප්‍රතික්‍රියාවන් බොහෝය. ඔබ අප ලිස්සා යන විට තිගැස්මක් සහිත චලනයක් දැක්වෙන අතර මෙම රොබෝ විශේෂයටත් හැඟීම් දැනීම් නොදැනුනත්, ඒවාට දක්වන මානුෂීය හැසිරීම දැක්වීමට හැකිවෙන ලෙස නිර්මාණය කර තිබේ. එය විටෙක සංවේදන අනුකරණයකි.

මෙය AI සහ රොබෝ තාක්ෂණයේ විනිවිදභාවය පිළිබඳ උත්සුකයන් මතු කරමින් ප්‍රතිචාර අනුකරණය කරන බවත්, ඇත්ත වශයෙන්ම හැඟීම් අත්විඳින්නේ නැති බවත් මහජනයා දැන සිටිය යුතුය.

මේ ආකාරයෙන් රොබෝවරු ස්වාභාවිකව මිනිසුන් සමඟ සම්බන්ධ වීමට හරි හරියට හැඩගැහෙන මෙම කාලයේ, මනුෂ්‍යයන් සේ හුස්ම ගැනීම්, ශ්වසන අපහසුතා පෙන්වීමට තරම් රොබෝවරුන් තවමත් සාර්ථක නොවේ.

ඒත් ඉදිරියට එවැනි වාතාවරණයක් ද අත්විදිය හැක. එවැනි චිත්තවේගයන් උපදවන නවතම නිර්මාණයක් ලෙස Megan Fox සහ සරාගී නළු Michele Morrone රඟන Subservience චිත්‍රපටය ගත හැකිය.

එහි මෙගන් ෆොක්ස් කෘත්‍රිම බුද්ධියක් ඇති ගයිනොයිඩ් චරිතයක් ලෙස රඟපානු ලබන අතර ඇය සංවේදීභාවය ලබාගනිමින් දුෂ්ට චරිතයක් බවට පත්වන අතර Michele Morrone ඇගේ ගැනුම්කරු ලෙස කටයුතු කරයි.

කෘතීම බුද්ධිය සහ රොබෝ තාක්ෂණය තුළින් සංවේදීභාවය ලබාගතහොත් අත්වන ඉරණමකට හරි අපූරු නිදසුනක් සැපයීමට මෙම චිත්‍රපටය සමත් වී තිබේ.

කෙමෙන් කෙමෙන් රොබෝකරණය වන වටපිටාවක මනුෂ්‍යයන්ට යන කලදසාව ගැනනම් හරි නිශ්චයක් කිරීමට ඉදිරියේදී අමාරු වනු ඇත.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan