අසත්‍ය ප්‍රචාරයක් !

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 17, කොළඹ (LNW):

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අසත්‍ය ප්‍රචාරයක් සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ “ජනපති ප්‍රදානය” නමින් රජයේ ආධාර වැඩසටහනක් පිළිබඳව සංසරණය වන පුවත අසත්‍යක් බවයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එවැනි වැඩසටහනක් පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ ව්‍යාජ පුවත් මේ වනවිට සංසරණය වන බවය.

එවැනි රජයේ ආධාර වැඩසටහනක් පිළිබඳව තීරණයක් ගෙන ඇත්නම් අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මහජනතාව හා ජනමාධ්‍ය වෙත දැනුම් දීම රජයේ ක්‍රමවේදයයි.

එබැවින් එවැනි අසත්‍ය ප්‍රවෘත්ති පිළිගැනීමෙන් හෝ හුවමාරු කිරීමෙන් වළකින ලෙස රජය මහජනතාවගෙන් ඉල්ලා සිටි.

නිවේදනය පහතින් ,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රමෝදය එක්ක ප්‍රබෝධය එයි ද?

නිශ්මං රණසිංහ දෙසැම්බර් 14, කොළඹ LNW: එක්සත් අරාබි එමීර් රාජ්‍යය...

ඩුබායි අස්වැන්න රන් තුනයි – ලෝකඩ දෙකට නඟී

නිශ්මං රණසිංහ දෙසැම්බර් 14, කොළඹ LNW: ඩුබායි හී පැවත්වෙන ආසියානු...