‘අසාද් මස් වෙළෙන්දෙක්’ ඩොනල්ඩ් ට්‍රම්ප්

Date:

සටහන: සශිකලා මධුෂාණි
දෙසැම්බර් 17; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිරියානු නායක බෂාර් අල්-අසාද් මස් වෙළෙන්දෙකු බවත්, ඔහු කුඩා දරුවනට කළ දෑ සිරියානු ජනතාව මතකයේ තබාගනු ඇති බවත් ප්‍රකාශ කර තිබේ.

ඊයේ(16)දිනයේදී ට්‍රම්ප්ගේ ෆ්ලොරිඩාවේ පැවති මාර්-ඒ-ලාගෝ වතුයායේ එළඹෙන ජනවාරි 20 වෙනිදා ධවල මන්දිරයට නැවත ඇතුළු වීමට පෙර ට්‍රම්ප් සිය දෙශිය හා විදේශීය ප්‍රතිපත්තීන් සම්බන්ධයෙන් පැවති විශේෂ මාධ්‍ය සාකච්ජාවකදී මේ බව සඳහන් කර තිබිණ.

සිරියාව සම්බන්ධයෙන් සිය මතය ප්‍රකාශ කරමින් ට්‍රම්ප් මෙහිදී වැඩිදුරටත් සඳහන් කර තිබුණේ, අසාද්ගේ පාලනයෙන් සිරියාව නිදහස් කර ගැනීම තුර්කියේ හිතකාමී අත්පත් කර ගැනීමක් වන බවයි. කෙසේ නමුත් ට්‍රම්ප් මෙම යුද්ධය වෙනුවෙන් මැදිහත්වීම ප්‍රතික්ෂේප කර ඇති අතර ඔහු සඳහන් කර තිබුණේ, තමා යුද්ධ වැලැක්වීම පිණිස කටයුතු කරන සමයේ දුතයකු බවයි.

මේවන විට තුර්කිය සහය මත ක්‍රියාත්මක වන හයාට් ටරිර් අල්-ෂාම් (HTS) විසින් නායකත්වය දෙන කැරලිකාර කණ්ඩායම් විසින් සිරියාව පාලනය කරනු ලබන අතර ජනාධිපති බෂාර් අල්-අසාද් දේශපාලන රැකවරණය පතා රුසියාවට පලා ගොස් ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Rank Container Terminal (Pvt) Ltd සහ Senura Civil Engineering (Pvt) Ltd වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය මෙන්ම...

José Antonio චිලී ජනාධිපති ධුරයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): José Antonio...

ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි!

අද (15) පෙරවරුවේ ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික...

දේශීය අදායම් දෙපාර්තමේන්තුව ඉලක්කය අභිබවා බදු ආදායම් උපයයි!

ආශික බ්‍රාහ්මණ කොළඹ LNW:දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් ඉලක්ක ඉක්මවා...