‘අසාද් මස් වෙළෙන්දෙක්’ ඩොනල්ඩ් ට්‍රම්ප්

Date:

සටහන: සශිකලා මධුෂාණි
දෙසැම්බර් 17; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිරියානු නායක බෂාර් අල්-අසාද් මස් වෙළෙන්දෙකු බවත්, ඔහු කුඩා දරුවනට කළ දෑ සිරියානු ජනතාව මතකයේ තබාගනු ඇති බවත් ප්‍රකාශ කර තිබේ.

ඊයේ(16)දිනයේදී ට්‍රම්ප්ගේ ෆ්ලොරිඩාවේ පැවති මාර්-ඒ-ලාගෝ වතුයායේ එළඹෙන ජනවාරි 20 වෙනිදා ධවල මන්දිරයට නැවත ඇතුළු වීමට පෙර ට්‍රම්ප් සිය දෙශිය හා විදේශීය ප්‍රතිපත්තීන් සම්බන්ධයෙන් පැවති විශේෂ මාධ්‍ය සාකච්ජාවකදී මේ බව සඳහන් කර තිබිණ.

සිරියාව සම්බන්ධයෙන් සිය මතය ප්‍රකාශ කරමින් ට්‍රම්ප් මෙහිදී වැඩිදුරටත් සඳහන් කර තිබුණේ, අසාද්ගේ පාලනයෙන් සිරියාව නිදහස් කර ගැනීම තුර්කියේ හිතකාමී අත්පත් කර ගැනීමක් වන බවයි. කෙසේ නමුත් ට්‍රම්ප් මෙම යුද්ධය වෙනුවෙන් මැදිහත්වීම ප්‍රතික්ෂේප කර ඇති අතර ඔහු සඳහන් කර තිබුණේ, තමා යුද්ධ වැලැක්වීම පිණිස කටයුතු කරන සමයේ දුතයකු බවයි.

මේවන විට තුර්කිය සහය මත ක්‍රියාත්මක වන හයාට් ටරිර් අල්-ෂාම් (HTS) විසින් නායකත්වය දෙන කැරලිකාර කණ්ඩායම් විසින් සිරියාව පාලනය කරනු ලබන අතර ජනාධිපති බෂාර් අල්-අසාද් දේශපාලන රැකවරණය පතා රුසියාවට පලා ගොස් ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව විගණාකාධිපති එම ධුරයේ වැඩ භාර ගනී!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, කොළඹ LNW : අද (05)...

බටහිර නයිජීරියාවේ ගම්මාන දෙකකට එල්ල වූ ප්‍රහාරවලින් පුද්ගලයින් 160 කට වැඩි පිරිසක් මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර නයිජීරියාවේ ගම්මාන...

ක්‍රිකට් ‘හූ‘ ගැන මතක සහ අනවබෝධයේ වපසරිය

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: ක්‍රිකට්වලට හූ කිමේ කලාව...

මගී සේවා අවසර බලපත්‍ර නෛතිකව පවරා දීමට අදාල ගැසට්ටුව අද (05) සිට බලාත්මකයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, කොළඹ LNW : ප්‍රවාහන අමාත්‍යංශය විශේෂ...