ටෘඩෝ ගේ මුල්‍ය කටයුතු හැසිරවීම සම්බන්ධයෙන් කලකිරී කැනඩාවේ මුදල් අමාත්‍යවරිය ධුරයෙන් ඉල්ලා අස් වේ

Date:

සටහන: සශිකලා මධුෂාණි
දෙසැම්බර් 17; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : කැනඩාවේ නියෝජ්‍ය අගමැති සහ මුදල් ඇමතිනී ක්‍රිස්ටියා ෆ්‍රීලන්ඩ් අගමැති ජස්ටින් ටෘඩෝ සමඟ ඇතිකරගත් ආතතීන් ඉහළයාම හේතුවෙන් සිය ධුරයෙන් ඉල්ලා ඇස් වී ඇති බව වාර්තා වේ.

එක්සත් ජනපද නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සියලුම කැනේඩියානු භාණ්ඩ හා සේවා සඳහා 25% ක බද්දක් අය කිරීමට පසුගිය සතියේ පොරොන්දු වීමත් සමඟ අගමැති ටෘඩෝ සමඟ ආතතීන් ඉහල ගොස් ඇති අතර සිය ඉල්ලා අස්වීමේ ලිපිය ඉදිරිපත් කරමින් මුදල් අමාත්‍යවරිය සඳහන් කර තිබුණේ, අද අපේ රට බරපතළ අභියෝගයකට මුහුණ දී සිටින අතර එක්සත් ජනපදයේ එන පරිපාලනය 25% තීරුබදු තර්ජනයක් ඇතුළු ආක්‍රමණශීලී ආර්ථික ජාතිකවාදයේ ප්‍රතිපත්තියක් අනුගමනය කරන විට ඔබ සහ මම කැනඩාව සඳහා හොඳම ඉදිරි මාවත පිලිබඳව පරස්පර විරෝධීව සිටීම සිය ඉල්ලා අස් වීමට හේතු වූ බවයි.

කැනඩාව ඇමරිකාවේ විශාලතම වෙළඳ හවුල්කරුවන්ගෙන් එකක් වන අතර එය සිය මුළු අපනයනයෙන් 75% ක් පමණ එක්සත් ජනපදය මත රඳා පවතින අතර ට්‍රම්ප් විසින් අක්‍රමවත් දේශසීමා හරස් කිරීම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට ප්‍රතිචාර වශයෙන් මෙක්සිකෝවේ, කැනඩාවේ සියලුම භාණ්ඩ සඳහා 25% ක නව තීරුබදු පැනවීම කැනඩාවට ප්‍රබල තර්ජනයකි.

මෙම නව බදු සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට අගමැති ජස්ටින් ටෘඩෝ ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවීමට ෆ්ලොරිඩාවටද ගිය අතර ඒ සම්බන්ධයෙන් සභාවාදී පිළිතුරක් කැනඩාවට ලැබී නොමැත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අතහැර දැමූ ගමන් මල්ලක තිබී රුපියල් විසි කෝටි අනූ ලක්ෂයක් වටිනා කුෂ් මතුවෙයි!

‍රෂිකා හෙන්නායක සැප්තැම්බර් 06 කොළඹ LNW : කටුනායක ගුවන් තොටුපොළ...

මිද්දෙණියේ අයිස් අමුද්‍රව්‍ය හමුවූ ඉඩමේ තිබී අත්බෝම්බ සහ උණ්ඩ හමුවෙලා!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 06 කොළඹ LNW: මිද්දෙණියේ අයිස් අමුද්‍රව්‍ය හමුවූ...

සියඹලාණ්ඩුව “රිවිදනවි” සූර්ය බලශක්ති උද්‍යානයේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ!

ජාතික පද්ධතියට වාර්ෂිකව ගිගාවොට්පැය 219ක දායකත්වයක් සහිතව , වසර...

වෙනිසියුලාවට එරෙහිව F-35 රහසිගත ප්‍රහාරක ජෙට් යානා යෙදවීමට ට්‍රම්ප් නියෝග කරයි

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 06: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වෙනිසියුලාව හා...