*
Saturday, June 7, 2025
spot_img

Latest Posts

නව කතානායකවරයාට ස්වාධිනව කටයුතු කරන්න ලැබේවා – විපක්ෂ නායක

කොළඹ LNW:නව කථානායකවරයාට ස්වාධීනව කටයුතු කිරීමට අවස්ථාව ලැබේවා යනුවෙන් තමන් ප්‍රාර්ථනා කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (17) පාර්ලිමේන්තුව අමතමින් පැවසුවේය.

ව්‍යවස්ථාදායකයේ අයිතීන් ආරක්ෂා කර වඩා ප්‍රශස්ත සේවාවක් ජනතාව වෙත ළගා කරලීමේ ගමනේදී කතානායකවරයා සතුව සුවිශේෂී කාර්යභාරයක් ඇති බවත් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 දෙනාට ගුණාත්මක මහජන සේවාවක් ඉටු කිරීමේ දී කතානායකවරයා සතුව සුවිශේෂී වැඩකොටසක් ඇති බවත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

සෑම මන්ත්‍රීවරයකුගේම අදහසට යෝජනාවලට එක හා සමානව සවන් දී ඒ තුළින් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමේ ප්‍රධාන පුරුකක් බවට කථානායකවරයා පත්වන බවත් හිටපු කථානායකවරයා මෙන් නොවී ශක්තිමත්ව කටයුතු කරන ලෙසත් නැවත වරක් කතානායකවරයකුට විරුද්ධව විශ්⁣වාසභංගයක් ඉදිරිපත් කිරීමට සිදු නොවේවා කියා ප්‍රාර්ථනා කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේ දී පැවසීය.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan