ඇමරිකාව පැනවූ අතිරේක තීරු බදු සම්බන්ධයෙන් චීනයේ දැඩි විරෝධය!

Date:

කොළඹ LNW:චීනයේ ඇතැම් නිෂ්පාදිවලට ඇමරිකාවේ අංක 301 දරන තීරු බදු වගන්තියට අනුව ක්‍රියාත්මක බදු අනුපාතය තවදුරටත් ඉහළ නැංවීමේ ඇමරිකානු තීරණයට චීනය ප්‍රතිචාර දක්වා තිබේ.

චීනයෙන් ආනයනය කෙරෙන ටංස්ටන් නිෂ්පාදිත, Polysilicon ඇතුළු නිෂ්පාදිත කෙරෙහි ‘301 තීරු බදු’ අතිරේකව පනවන බව පසුගියදා(11) ඇමරිකානු වෙළඳ නියෝජිත කාර්යාලය ප්‍රකාශ කර ඇත.

පිළිබඳව අදහස් දක්වමින් ඊයේ (16) චීන වාණිජ අමාත්‍යංශයේ ප්‍රකාශක චීනයේ ස්ථාවරය පැහැදිලි කළේය.

චීන නිෂ්පාදිත කෙරෙහි ‘301 තීරු බදු’ පැනවීම ලෝක වෙළඳ සංවිධානයේ උපමාන උල්ලංඝනය කර ඇති බව එම සංවිධානය කාලයකට පෙරම තීන්දු කර ඇති අතර ඇමරිකාවේ මෙවන් විධිවිධාන එරට වෙළඳ හිඟය හා කර්මාන්ත තරගකාරීත්වය මුහුණ පා ඇති ප්‍රශ්නවලට කිසිදු අයුරකින් විසඳුම් ක්‍රියාමාර්ගයක් නොවනු ඇති බව ද චීනය පවසයි.

ඉන් සිදු , ඇමරිකාවේ උද්ධමනය ඉහළ යාම හා ඇමරිකානු පාරිභෝගිකයින්ගේ ප්‍රතිලාභවලට හානි සිදුවීම බව ද සඳහන් කර ඇත. ජාත්‍යන්තර ආර්ථික වෙළඳ පටිපාටිය හා ගෝලීය කර්මාන්ත හා සැපයුම් දාමයන්හි සුරක්ෂිතතාවය හා ස්ථාවරත්වය ද මෙමගින් බරපතල ලෙස විනාශ කෙරෙනු ඇති බව චීන නියෝජිතයා කියාසිටී .

ඇමරිකාව කඩිනමින් සිය වරද නිවැරදි කර චීන නිෂ්පාදිත කෙරෙහි පැනවූ අතිරේක තීරු බදු අහෝසි කළ යුතු බවත් සිය අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට චීනය අනිවාර්ය පියවර ගැනීමට දැඩිව සූදානම් බවත් චීනය අවධාරණය කර ඇත.

දිනූ ෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩන් ව්‍යාපාරිකයෙකුගෙන් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රු. මිලියන 10ක පරිත්‍යාගක්!

"දිට්වා" සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට...

ව්‍යාපාරිකයකුට වෙඩිතැබීමට පැමිණි සිව්දෙනෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල මට්ටක්කුලිය, කදිරානවත්ත පාලම අසලදී ව්‍යාපාරිකයෙකු වෙඩිතබා...

9 දා බැරිවෙච්චි අයට, 11 දා FREE.

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන්...

දිල්රංගගේ රංගයට තිරය වසන්න එපා!

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: මීටර් 200 ධාවන පථයක...