කොළඹ LNW:දෙමවුපියන් හා ගුරුවරුන් ඇතුළු සමීපතමයන් හැර අනිකුත් බාහිර පුද්ගලයන්ට විශේෂයෙන් දේශපාලනඥයන් ට දරුවන් ලවා වන්දවන්ට එපා යන මතවාදය මෑත යුගයේ ඉදිරියට ගෙන ආවේ අභාවප්‍රාප්ත මංගල සමරවීර කියන කෘතහස්ත දේශපාලනඥයායි. කල්පිනූ පරණ තොගයට අයත් වුණත් මංගල නවීන ලෝකය හා හරිහරියට ගැලපෙන පුද්ගලයකු වශයෙන් හැඳින්විය හැකිය. සැර මත්පැන්වලින් වන හානිය අවම කර ගැනීමට බීර ලාබ කළ යුතු බවටද ඔහු යෝජනා කළා. ලිංගිකත්වය ගැන ද මංගල දැරුවේ නවීන සමාජයට ගැලපෙන අදහසක්.ආගමික සංස්ථාව ඉවක් බවක් නැතුව සමාජ ප්‍රශ්න වලට හොට දමා ඒවා අවුල් කිරීම ගැන ද මංගල තුළ තුබුණේ සධනීය විරෝධයක් .
හැබැයි මේ කිසිවකින් මංගල ජය ගත්තේ නැහැ. ආචීනකල්පික අදහස් දරණ ගිහිපැවිදි පණ්ඩිතයන් මංගල මිය යෑමට පෙර ඔහුව දේශපාලන වශයෙන් මරා දැම්ම.එහෙත් එතුමා නොවෙයි සැලුණෙ.
කෙසේ වුවත් මට මෙහිදී අවධාරණය කිරීමට අවශ්‍ය මංගල මතය හා ඈඳුණු වෙනත් කරුණක්. එනම් දේශපාලනඥයන්ට වැඳීමෙන් සමාජයට දිගු කාලීනව සිදුවන අයහපතක් පිළිබඳ කරුණක්. දේශපාලනඥයා හොඳ හෝ නරක දරුවකු ඔහුට හෝ ඇයට වැඳීමෙන් එම දරුවා තුළ දේශපාලනඥයා ගැන ඇතිවන්නේ නිවට භක්ති යක්ය යන්න මගේ අදහසයි. කල්ගත වී වහල් මානසිකත්වය හට ගන්නේද මෙම නිවට මානසිකත්වය මෝරා යෑමෙන් විය හැකි ය. මට මේ ආකාරයෙන් සිතීමට සිත් පහළ වූයේ රට තුළ සිටින දේශපාලන වහලුන් පිළිබඳව හටගත් සහකම්පනය නිසාය. මෙය හැම දේශපාලන පක්ෂයක් පිළිබඳවම දක්නට ලැබෙනාවූ පොදු ධර්මතාවකි. තම තමන්ගේ කැමැත්ත අනුව දේශපාලන පක්ෂවලට පක්ෂ වීම හෝ විරුද්ධ වීම සාමාන්‍ය දෙයකි. ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක එය එසේ විය යුතු ය. නමුත් මෑත යුගයේ එම සාමාන්‍ය තත්ත්වය අභිබවා වහල් මානසිකත්වය ඉස්මතු වීමේ ප්‍රවනතාවක් හට ගෙන තබේ. මෙය ප්‍රජාතන්ත්‍රවාදී සමාජයකට හටගත් පිළිළයක් ලෙසයි මා දකින්නේ .
උපාලි කොළඹගේ
