හොයන්න හොරකම් නැති නිසා අපේ අධ්‍යාපන සුදුසකම් ගැන හොයන්න පටන් අරන් – අගමැති විපක්ෂයට හීන් නූලෙන් දෙයි!

Date:

කොළඹ LNW:ජාතික ජන බලවේගයේ සොරකම් ගැන සෙවීමට නොමැති නිසා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් සෙවීමට පටන් ගෙන ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (17) පාර්ලිමේන්තුවේදී පැවසුවාය.

මීට ඉහතදී සෙවීමට සිදු වූයේ මැති ඇමතිවරුන්ගේ වංචා දුෂණ ගැන වන අතර අද තත්ත්වය වෙනස්වීම එක් අතකින් දියුණුවක් පෙන්වීමක් ලෙසද ගත හැකි බවයි අගමැතිවරිය සඳහන් කළේ.

“අපේ ආණ්ඩුව ඇතුලේ ඉන්න මන්ත්‍රීවරුන්ගේ,ඇමතිවරුන්ගේ කොලෆිකේෂන් ගැන පුදුම උනන්දුවක් ඇතිවෙලා තියෙනවා. මෙතන ඉන්න අපි බොහෝ දෙනෙක්ගේ කොලෆිකේෂන් ගැන හොයනවා, සෙටිෆිකේට්ස් ඉල්ලනවා. අරක ඉල්ලනනවා. මේක ඉල්ලනවා. පුදුම උනන්දුවක් දක්වනවා. අපි එක අතකින් සතුටු වෙනවා ඉස්සර මේ අමාත්‍යවරුන්, ආණ්ඩු අයගේ අයගේ අධ්‍යාපන සුදුසුකම් ගැන නෙමේනේ හෙව්වේ. හොරකම් ගැන හෙව්වේ. අපේ හොරකම් ගැන හොයන්න බැහැනේ ඉතිං ඒ නිසා අධ්‍යාපන සුදුසුකම් ගැන මෙච්චර උනන්දුවක් දක්වන එක ගැන මේක ටිකක් දියුණුවක් කියලා ගන්නත් පුළුවන්.” යනුවෙන් අගමැතිවරිය පැවැසුවාය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යොවාන්ගේ ජය සංඛේත ජනතා සන්තකයට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 15, කොළඹ LNW: යුරෝ ෆෝමියුලා 2025 ඕපන්...

ආපදා හේතුවෙන් බලපෑමට ලක්වූ සෞඛ්‍ය ආයතන 236 න් සියයට 90 ක් පමණ යථා තත්ත්වයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : සියළු දුම්රිය මාර්ග...

යුතුකම් ඉටුකළ UAE සමුගෙන යයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : මහා කුණාටුවෙන් පසු...

අවහිර වූ මාර්ග 316න් මාර්ග 300ක ගම­නා­ග­මන කට­යුතු ඇරඹෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ඉකුත් දා...