ගොවි විශ්‍රාම වැටුප් ක්‍රමය සක්‍රීය කරන්න – සජිත් ආණ්ඩුවෙන් ඉල්ලයි

Date:

කොළඹ LNW:අඩාල වී ඇති ගොවි විශ්‍රාම වැටුප් ක්‍රමය ක්‍රියාත්මක කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (17) පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය.

ලක්ෂ 10කට වැඩි ගොවියන් පිරිසක් වී ගොවිතැනේ නියැලුනද ඔවුන්ට හිමි විශ්‍රාම වැටුප ක්‍රියාත්මක වීම අකර්මන්‍ය වී තිබෙන බවයි විපක්ෂ නායකයා පැවසුවේ.

ගොවි විශ්‍රාම වැටුප් ක්‍රමවේද ගොවියන් වෙනුවෙන් ඉන්දියාවේ, බ්‍රසීලයේ දකුණු කොරියාව වැනි රටවල ක්‍රියත්මක බවද ඔහු සඳහන් කරන ලදී.

ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයේ පවා මෙම විශ්‍රාම වැටුප් ක්‍රමවේද ගැන ඇතුළත් බැවින් එය ක්‍රියාත්මක කරන ලෙසයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...