සටහන – නිශ්මං රණසිංහ
දෙසැම්බර් 17 ,(LNW)කොළඹ :
ක්‍රිකට් ක්‍රීඩාවේ වත්මන් තත්ත්වය පිළිබඳ සාකච්ඡාවක් තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ,ක්‍රීඩා නියෝජ්‍ය ඇමති සුගත් තිලකරත්න සහ තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් අතර පැවත්විණි.
ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය පහසුකම් සංවර්ධනය කිරීමේ සැලසුම් පිළිබඳව, ක්‍රිකට් ක්‍රීඩාව සඳහා වෙන්කර ඇති ක්‍රීඩාංගණ වඩාත් තිරසාර ලෙස වැඩිදියුණු කළ යුතු ආකාරය පිළිබඳව හා සංචාරක ප්‍රවර්ධනය උදෙසා ක්‍රිකට් ක්‍රීඩාව යොදා ගත හැකි ආකාරය පිළිබඳව ද මෙහෙදී සාකච්ඡා කෙරිණි.
වත්මන් ක්‍රිකට් ආයතනයේ යාන්ත්‍රණය පිළිබඳව හා පැන නැගී ඇති ගැටලු කඩිනමින් නිරාකරණය කිරීම සඳහා වූ ක්‍රමවේදයන් පිළිබඳව ද මෙහිදී අමාත්‍යවරයාගේ අවධානය යොමු විය.
රටෙහි අනෙකුත් ක්‍රීඩාවන් සංවර්ධනය කිරීම සඳහා ක්‍රිකට් ආයතනයේ දායකත්වය ලබා ගැනීම, ක්‍රිකට් ක්‍රීඩාව මෙන්ම අනෙකුත් පාසල් ක්‍රීඩා සංවර්ධනය සඳහා ද ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳවත් මෙහිදී සාකච්ඡාවට ලක්විය.
ඉහත දක්වා ඇත්තේ ක්‍රිඩා අමාත්‍යංශයේ මාධ්‍ය ඒකකයට අනුව ඔවුන් එම හමුව පිළිබඳ දැක් වූ අදහස්ය.ක්‍රිකට් පරිපාලනය සහ අනෙකුත් ක්‍රීඩා පරිපාලන මෑත ඉතිහාසයේ විශාල ලෙස දුරස්ථව ඇත.ඒ පාලනයේ හැඩයෙන් සහ ආර්ථිකමය හැඩයෙන්ය.ඒ ආර්ථිකමය හැකියාවට ජානමය වශයෙන් කරන පෙළඹවීම් සමාජය පුහුණු කර ඇත්තේ ඉරිසියා කිරීමටය.ඇහේ කටු අනින්නා වගේ වැඩක්ය.මේ සියල්ල විසින් එළව එළවා පහර දෙන තත්ත්වයක් තුළ වුව,ක්‍රිකට් සෙසු ක්‍රීඩාවන් හී ජයග්‍රහණ පිටුපස ද,රටේ නොයෙකුත් සමාජ අවශ්‍යයතාවයන් ඉටු කිරීමේ සම්පත් දායකත්වය තුළ ද,ආධාර අනුග්‍රහ සඳහා යොමු වී ඇත.ඒ යොමුවීම් මුූල්යමය වශයෙන් ගණන් බැලුවොත්,ඇතැම් විට රටේ ක්‍රීඩා අමාත්‍යංශය සතුව වියදම් කරන්නට එවන් මුදලක් නොතිබෙන්නට ද ඉඩ ඇත.
සාකච්ඡාවේදී ක්‍රීඩා අමාත්‍යවරයා එම කටයුතු අඛණ්ඩව සිඳු කරගෙන යාමට අවශ්‍යය සහයෝගය ඉල්ලීම වැදගත්ය.‘ක්‍රීඩා අරමුදලට මෙච්චරක් දීපං‘ කියා තමන්ගේ බලය පෙන්නන්න ගොස් රටත් ක්‍රීඩාවත් දෙකම අමාරුවේ දැමූ ඇමතිවරුන්ගේ අභාෂයෙන් ඈත්ව ඒ ක්‍රියා කළ ආකාරය යහපත්ය.රටේ ක්‍රීඩාවේ මුදල් ගලා එන උල්පතක් බවට ක්‍රිකට් පත්වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ඇති ජාත්‍යන්තර වටිනාකම තුළය.එම ජාත්‍යන්තර වටිනාකම නිසා ගලා එන මූල්‍යමය වටිනාකම් බොහෝ විට කවුරු පරිපාලනයේ සිටියත් වෙනස් වන්නේ නැති තරම්ය.වර්ථමානයේ ක්‍රිකට් පරිපාලනය එම විටිනාකම් සාර්ථක ලෙස කළමණාකරනය කරමින්,තවත් ක්‍රීඩාවලට උදව් කරමින් සහ රටේ ක්‍රිකට් සංවර්ධන වැඩවලට මූල්‍යමය වශයෙන් අවශ්‍යය ශක්තිය දෙමින් සිටියත්,එය මහා මුදල් ඇති ක්‍රිකට් පරිපාලනයම සේවක වැටුප් ගෙවා ගත නොහැකි තරමට හිස් කළේය.ඒත් පරිපාලනයක් තිබියදී ය.
ක්‍රීඩා අමාත්‍යවරයා වරලත් ගණකාධිකාරිවරයෙක්ය.ඒ නිසා මුදල් පරිපාලනය සහ ගණන් තැබීමේ කලාව ගැන ප්‍රායෝගික දැණුම ගැන විශ්වාසය තැබිය හැකිය.ඔහුට ඒ සමඟම මේ ලාභ ඉපැයීම් සම්බන්ධයෙන් වන සාර්ථකභාවය වගේම,මූල්‍යමය තත්ත්වය ස්ථාවරව රඳවා ගැනීමට හැකි හැකියාවද අවබෝධ කර ගන්නට ද සිය දැණුමෙන් ප්‍රයෝජන ගත හැකිය.අපට අනුවනම් මේ මොහොතේ ලංකාවේ ක්‍රිකට් වෙනස් කිරීමට වඩා ගැටළුකාරීම තත්ත්වය පවතින ක්‍රීඩාවන් හී පරිපාලන දුප්පත්කම වෙනස් කර ආර්ථිකමය වශයෙන් ශක්තිමත්වීමට සහ ස්වාධෘන වීමට මඟ පෙන්වීමය.සරලව කිව්වොත් ක්‍රිකට් පරිපාලනය වගේ තමන්ගේ ක්‍රීඩාව ස්වාධීනව වියදම් දරාගෙන පවත්වාගෙන යන්නට සහ ක්‍රීඩාවේ යෙදෙන ක්‍රීඩකයන්ට ඉහළ වැටුපක් ලැබෙන,පුහුණුකරුවන්ට,විනිසුරුවන්ට සහ විවිධ මට්ටමේ සහයන් දෙන වෘත්තිකයන්ටද ජීවත්වීමට හැකි මුදලක් එන තත්ත්වයක් ක්‍රීඩා සංගම් සම්මේලන තුළ ඇති කරන්නේ කෙසේද යන්න කල්පනා කිරීම වැදගත්ය.
ඒ නිසා වෛර කිරීමට,ප්‍රතික්ෂේප කිරීමට නොව,සහයෝගයෙන් ඔවුන්ගේ උපකාරයෙන් රටේ සමස්ත ක්‍රීඩාවට උදව් උපකාර ගන්නා අතරේම ඒ අත්දැකීම් සමග රටේ තවත් ක්‍රීඩා පහකවත් ආදායම් තත්ත්වය ඉහළ නංවා ගත හැකි යෝජනා සහ සැළසුම් ක්‍රීඩා අමාත්‍යංශයේ ද සහයෝගය සහ උපකාරය ඇතිව ආරම්භ කළ හැකිනම් ක්‍රිකට් එතරම් ලොකුවට මහා මුදල් සම්භාරය හරහා සමාජයේ තරහවට,ඉරිසියාවට පාත්රවන එකද නවතිනු ඇත.