මාලිමාව බලපිටිය ප්‍රාදේශීය සභාවේ අයවැයත් පරදී

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ජාතික ජන බලවේගයට බලය හිමි බලපිටිය ප්‍රදේශීය සභාවේ මංගල අයවැයත් පරාජයට පත්ව තිබේ.

එම අයවැය සඳහා ඊයේ (16) පැවති ඡන්ද විමසීමේදී ඊට විරුද්ධව ඡන්ද 17ක් ලැබී තිබුණු අතර අයවැයට පක්ෂව ලැබී තිබුණේ ඡන්ද 16ක් පමණි.

ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 16 දෙනා අයවැයට පක්ෂව ඡන්දය භාවිතා කළ අතර ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 17 දෙනෙකු ඊට විරුද්ධව ඡන්දය භාවිතා කර තිබිණි. එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරයා ඊයේ සභාවාරයට පැමිණ සිටියේ නැත.

ජාතික ජන බලවේගයට බලය හිමි පළාත් පාලන ආයතන රැසක මංගල අයවැය පරාජයට පත්වීමේ පුවත් පසුගිය දිනවල වාර්තා වී තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිඩ්නිහි බොන්ඩි වෙරළ තීරයේ ගලා ගිය කඳුළු මිහිදන් වූ හැටි…

රෂිකා හෙන්නායක දෙසැම්බර් 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සිඩ්නිහි බොන්ඩි වෙරළ...

නඩු දාන්නෙ කොහෙද? සුරේෂ් ජස්වර්ගෙන් අසයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 17, කොළඹ LNW: ජස්වර් උමාර් පාපන්දු සම්මේලන...

ජර්මනිය සහ ලක්සම්බර්ග් විසින් යුරෝ මිලියන 5,000 ක ආපදා ආධාර රැගෙන දිවයිනට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 17, කොළඹ LNW : අද (17) අලුයම...

අඳුරගන්න ම බැරි අඳුරක

අඳුරටමං කැමතිකවි කැලැත්තෙන හින්දයිඅඳුරගන්නම බැරි. ගන්න ඔයකවි රොඩුබොඩුඅහකටඇහිපිලි නඟන මැසිවිලිකරදරයි...