පිටිපන මහා ශිෂ්‍ය සංගමයේ ලේකම් තලාවේ හිමි රිමාන්ඩ්

Date:

හෝමාගම, පිටිපන බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ගිහි සහ භික්ෂු සිසුන්ට අමානුෂික ලෙස නවක වදය ලබාදීම ඇතුළු චෝදනා හතරක් යටතේ හෝමාගම පොලිස් අත්අඩංගුවට ගත් විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ ලේකම් තලාවේ ධම්මික හිමියන් මේ මස 27 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස හෝමාගම මහේස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර මෙනෙවිය නියෝග කළාය.

බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ පළමු වසරේ සිසුන්ගෙන් සහ පාලනාධිකාරියෙන් ලද පැමිණිලි මත සිදු කළ විමර්ශනයකින් පසු එම හිමියන් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත.

විශ්වවිද්‍යාල නවක සිසුන්ට අමානුෂික ලෙස නවක වදය දීම, අයුතු සිරකර තැබීම, අයුතු අවහිරය සහ සුළු තුවාල සිදු කිරීම චෝදනා යටතේ එම නඩුව ගොනු කර තිබුණි.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට එරෙහිව ඇමරිකානු හමුදාව සීරුවෙන් බව ට්‍රම්ප් කියයි!

රෂිකා හෙන්නායක ජනවාරි 12 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති...

හරිනි ගෙදර යවන්න විමල් සත්‍යග්‍රහයක් අරඹයි

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා මේ වනවිට...

Wang Yi දිවයිනට!

රෂිකා හෙන්නායක ජනවාරි 12, කොළඹ LNW : අද (12) අලුයම...

වනිඳු වාර්තා තබමින් ශ්‍රී ලංකාව පරාජයෙන් මුදවා ගනියි

නිශ්මං රණසිංහ ජනවාරි 11, කොළඹ LNW: ජාත්‍යන්තර විස්සයි විස්ස තරග...