බස්නාහිර පාසල් 122ක විශේෂ මත්ද්‍රව්‍ය මෙහෙයුමකින් 75 දෙනෙකු අත්අඩංගුවට!

Date:

පාසල් ළමුන් ඉලක්ක කර මත්ද්‍රව්‍ය හා මත්පෙති අලෙවිය සම්බන්ධයෙන් බස්නාහිර පළාතේ පාසල් ආශ්‍රිතව සිදු කළ විශේෂ මෙහෙයුමකදී සැකකරුවන් 75 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ , බස්නාහිර පළාතේ පාසල් 122 ක් ඉලක්ක කරගනිමින් ඊයේ(16) දහවල් 12.00 සිට සවස 3.00 දක්වා කාලය තුළ කළ මෙහෙයුම් වලදී ය.

එහිදී මාවා කිලෝග්‍රෑම් 2 යි ග්‍රැම් 148 ක් , හෙරොයින් ග්‍රෑම් 9 යි මිලි ග්‍රෑම් 375 ක් , අයිස් ග්‍රැම් 01 යි මිලිග්‍රෑම් 522 ක් සහ මත්පෙති 10ක් පොලිසිය භාරයට ගෙන තිබේ.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත මෙම මෙහෙයුම ඉදිරියටත් ක්‍රියාත්මකයි.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘Rebuilding Sri Lanka’ ජාතික වැඩපිළිවෙළෙහි සමාරම්භක උළෙල හෙට!

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : හෙට (13) ‘Rebuilding...

අගමැතිනියට එරෙහි විශ්වාසභංගයට අපේ සහයක් නැහැ – ITAK

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියට එරෙහිව ගෙන...

ලොව හොඳම දුම්රිය චාරිකා…

රෂිකා හෙන්නායක ජනවාරි 12 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ලොව පුරා...