විල්පත්තුවට පාලමක්..

Date:

විල්පත්තු යනු ශ්‍රී ලංකාවේ විශාලතම හා පැරණිතම ජාතික වනෝද්‍යානයකි. ශ්‍රී ලංකාවේ වයඹ දිග පහත් බිම් වියළි කලාපයේ පිහිටා මෙම උද්‍යානය වර්ග කිලෝමීටර් 1,317 (හෙක්ටයාර් 131, 693) වන අතර විල්පත්තු ජාතික වන උද්‍යානය තුළ එකසිය හයකට ආසන්න ප්‍රමාණයක් විල් සහ තටාක දක්නට ලැබේ.

වනෝද්‍යානයට මන්නාරම හා පුත්තලම ප්‍රදේශයෙන් පැමිණෙන අය ප්‍රවිෂ්ඨ වීමට හැකි එකම හා පහසුම මාර්ගය වන්නේ පුත්තලම පරණ මන්නාරම් මාර්ගයේ
එළුවන්කුලම ප්‍රදේශයේ කලාඔය හරහාය. වසර ගණනාවක් තිස්සේ එම ස්ථානයේ කලා ඔය හරහා පාලමක් ඉදි නොකිරීම නිසා දෙස් විදෙස් සංචාරකයන්ට මෙන්ම ප්‍රදේශවාසීන්ට වැසි කාලවලදී ගමන් කිරීමට නොහැකි විය. මේ හේතුවෙන් සංචාරකයන්ගේ පැමිණීම ද ඉතා අවම මට්ටමක පැවති බව විල්පත්තු ජාතික වනෝද්‍යානයේ උද්‍යාන භාර නිලධාරීහු පැවසූහ.

ගමනා ගමනයට විශාල බාධාවක් පැවති මෙම ස්ථානය නව වැල් පාලමක් ඉදිකිරීමට ආර්ථික සහයෝගීතාව සහ සංවර්ධනය පිළිබද ජර්මානු ෆෙඩරල් අමාත්‍යාංශය මගින් කටයුතු කෙරිණි.

මේ සඳහා වැය කළ මුදල රුපියල් මිලියන 41 කි. ඉදිකළ පාලම ජනතා අයිතියට පත් කිරීමට ජර්මන් තානාපති හෝල්ගර් ෂූබට් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

නව පාලම ඉදි කිරීමෙන් සංචාරක කර්මාන්තය දියුණුවන බව සංචාරක මග පෙන්වන්නන් පෙන්වා දෙති.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපේ ලිපියට ක්‍රීඩා ඇමති දැක් වූ ප්‍රතිචාරය ගැන

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: අප විසින් ලියන්නට යෙදුණ ‘මලල...

උතුරේ සහ නැගෙනහිර ඇතැම් දේශපාලන පක්ෂ කිහිපයක් ජනතාව නොමග යවමින් සිටිනවා – ඇමති නලින්ද

රෂිකා හෙන්නායක අගෝස්තු 17, කොළඹ LNW: අද(17) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ...

තමා ජනාධිපති ධුරය දරනතාක්කල් ෂිජින් පින් තායිවානය ආක්‍රමණය නොකරන බවට තමන්ට පැවසූ බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ට්‍රම්ප් බලයේ සිටින...

පිත්තෙන් මිනෙත් පන්දුවෙන් රයන් පෙරමුණට

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන...