විල්පත්තුවට පාලමක්..

Date:

විල්පත්තු යනු ශ්‍රී ලංකාවේ විශාලතම හා පැරණිතම ජාතික වනෝද්‍යානයකි. ශ්‍රී ලංකාවේ වයඹ දිග පහත් බිම් වියළි කලාපයේ පිහිටා මෙම උද්‍යානය වර්ග කිලෝමීටර් 1,317 (හෙක්ටයාර් 131, 693) වන අතර විල්පත්තු ජාතික වන උද්‍යානය තුළ එකසිය හයකට ආසන්න ප්‍රමාණයක් විල් සහ තටාක දක්නට ලැබේ.

වනෝද්‍යානයට මන්නාරම හා පුත්තලම ප්‍රදේශයෙන් පැමිණෙන අය ප්‍රවිෂ්ඨ වීමට හැකි එකම හා පහසුම මාර්ගය වන්නේ පුත්තලම පරණ මන්නාරම් මාර්ගයේ
එළුවන්කුලම ප්‍රදේශයේ කලාඔය හරහාය. වසර ගණනාවක් තිස්සේ එම ස්ථානයේ කලා ඔය හරහා පාලමක් ඉදි නොකිරීම නිසා දෙස් විදෙස් සංචාරකයන්ට මෙන්ම ප්‍රදේශවාසීන්ට වැසි කාලවලදී ගමන් කිරීමට නොහැකි විය. මේ හේතුවෙන් සංචාරකයන්ගේ පැමිණීම ද ඉතා අවම මට්ටමක පැවති බව විල්පත්තු ජාතික වනෝද්‍යානයේ උද්‍යාන භාර නිලධාරීහු පැවසූහ.

ගමනා ගමනයට විශාල බාධාවක් පැවති මෙම ස්ථානය නව වැල් පාලමක් ඉදිකිරීමට ආර්ථික සහයෝගීතාව සහ සංවර්ධනය පිළිබද ජර්මානු ෆෙඩරල් අමාත්‍යාංශය මගින් කටයුතු කෙරිණි.

මේ සඳහා වැය කළ මුදල රුපියල් මිලියන 41 කි. ඉදිකළ පාලම ජනතා අයිතියට පත් කිරීමට ජර්මන් තානාපති හෝල්ගර් ෂූබට් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

නව පාලම ඉදි කිරීමෙන් සංචාරක කර්මාන්තය දියුණුවන බව සංචාරක මග පෙන්වන්නන් පෙන්වා දෙති.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැලිෆෝර්නියා ප්‍රාන්තය WHOහි සාමාජිකත්වය ලබාගනියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 78 වසරක් පුරා...

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...