හරිහරන් අතරමං වෙලා!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ LNW : දකුණු ඉන්දීය සුපිරි ගායක හරිහරන් ඇතුළු ගායක ගායිකාවන් 11 දෙනෙකු යාපනයේ අතරමංව ඇති සිද්ධියක් වාර්තාවේ. ඒ යාපනයේ ප්‍රසංගයක් සදහා පැමිණ සිටින අවස්ථාවේදී බවයි වාර්තා වන්නේ .

මේ මස 21වැනිදා යාපනයේ මූරාවේලී ක්‍රීඩාංගණයේ සංවිධාන කර තිබූ සංගීත ප්‍රසංගයකට සහභාගී වීම පිණිස මේ කණ්ඩායම පැමිණ සිටි අතර ධාරානිපතා වර්ෂාව හා අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් එම ප්‍රසංගය අවලංගු කිරීමට සංවිධානකරු අද (17) තීරණය කර ඇත.

එබැවින් හරිහරන් ඇතුළු පිරිස ආපසු දකුණු ඉන්දියාවට යැවීමට සංවිධායකයෝ තීරණය කොට ඇත.

නමුත් ඉන්දියාව හා යාපනය අතර ගුවන් ගමන්ද අයහපත් කාලගුණික තත්ත්වය මත සීමා වී ඇති හෙයින් හරිහරන් ඇතුළු ගායක ගායිකාවෝ ද සංවිධායකයෝ ද දැඩි ප්‍රශ්නයකට මුහුණ පා සිටින බව සඳහන් වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාලිමාව හික්කඩුවේ අයවැය දෙවැනි වරටත් පරදී !

ජාතික ජන බලවේගයට බලය හිමි හික්කඩුව නගර සභාවේ 2026...

එක්සත් ජාතීන්ගේ සාමසාදක හමුදාවේ සේවය කරන ශ්‍රී ලංකා ගුවන් හමුදා ගුවන් ඒකකය කළ වික්‍රමාන්විතය!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 25, කොළඹ LNW : මධ්‍යම අප්‍රිකානු ජනරජයේ...

ඖෂධවල ප්‍රමිති තත්ත්ව පරීක්ෂණ ගැන ඇමති නලින්දගේ අවධානය !

රෂිකා හෙන්නායක දෙසැම්බර් 25, කොළඹ LNW : ඖෂධවල ප්‍රමිති තත්ත්ව...

අධිකරණ නියෝග මත ළමුන් ප්‍රවාහනයේදී විධිමත් වැඩපිළිවෙලක්!

කොළඹ LNW:ඉදිරි වසර තුළ රටේ ආර්ථික දර්ශක වලට සමගාමීව...