දේශබන්දු පිටියට!

Date:

කොළඹ LNW:පාතාලය මර්දනය කිරීමේදී මාතර,දික්වැල්ල,මිදිගම සහ වැලිගම යන පොලිස් වසම් වෙත මූලිකත්වය දෙමින් ඉදිරි මාස කිහිපය තුළ දක්ෂ නිලධාරීන් යොදවා දිවා රාත්‍රී වැඩපිළිවෙලක් ඔස්සේ පාතාලය මර්දනය කිරීමේ මෙහෙයුම ආරම්භ කරන බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි.

2023 වසරේදී අපරාධ 66ක් සිදුව තිබෙන අතර ඉන් 34,බස්නාහිර පළාතෙන් මෙන්ම 26ක් දකුණු පළාතෙන් වාර්තා වී තිබෙන බවයි තෙන්නකෝන් මහතා සඳහන් කරන්නේ.

අපරාධවලට සම්බන්ධ වූ පුද්ගලයින් 1091ක් හඳුනා ගෙන තිබෙන අතර ඉන් 790කගේ දත්ත සම්පුර්ණයෙන් රැස්කර අවසන් බවද වැඩබලන පොලිස්පතිවරයා පවසයි.

මේ අතර උසාවි මඟින් නියෝග කළ විවෘත වරෙන්තු 70,000ක් පමණ ගොඩගැසී තිබෙන අතර ඇඟිලි සලකුණුවලින් අපරාධකරුවන් ලෙස හඳුනාගත් පිරිස ද විසිදහස් ගණනක් වන නමුත් ඔවුන් අල්ලාගැනීමට නොහැකි වී ඇත්තේ පොලිස් වසම්වල සිටින පවුල්වල ලියාපදිංචිය සදහන් පොලිස් දත්ත ගබඩාව යාවත්කාලීන නොවීම වන බවත් එම කටයුත්ත කඩිනමින් සිදුවිය යුතු බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රාජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...

පොලිතින් හා සම්බන්ධ පරිසර සම්මේලනයක්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර...