ආදායම් ඉලක්කයට යන්න නම් දේපළ බද්දත් අනිවාර්යයි – IMF

Date:

කොළඹ LNW:2025 වනවිට රජයේ ආදායම් ඉලක්ක සපුරා ගැනීම සඳහා ලබන වසරේ සිට දේපළ බද්ද ක්‍රියාත්මක කිරීම ඉතාම අනිවාර්ය කරුණක් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව භාර දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා පවසයි.

ඊට පෙර රටේ සියලු දේපළ නිසි ලෙස තක්සේරු කළ යුතුවන අතර අනතුරුව ඒ සඳහා බදු අයකළ යුතු බවයි ඔහු සඳහන් කරන්නේ.

එසේම බදු අයකරන දේපළ නිසි ලෙස ලියාපදිංචි කර තිබීමද අවශ්‍ය වෙයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙලෙස නිර්දේශ කරන්නේ මෙතෙක් ශ්‍රී ලංකාව අපේක්ෂිත බදු ආදායම් ඉලක්ක සපුරා නැති හෙයිනි.

ආර්ථික අවපාතයෙන් ගොඩ ඒම සඳහා ශ්‍රී ලංකාවට වෙන්කළ ඇමෙරිකානු ඩොලර් කෝටි 290ක විස්තීර්ණ ණය මුදලින් මේ වන විට වාරික දෙකකදී ඩොලර් මිලියන 670ක් ලබා දී තිබෙන අතර ඉදිරි ණය වාරික අනුමත කිරීමට පෙර ලබන මාර්තු අප්‍රේල් අතර ඊළඟ සමාලෝචනය සිදුකිරීමට නියමිතව ඇත.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අවුල් මැදම සීතාවක සභාවේ බලය පිහිටුවයි!

කොළඹ LNW:සීතාවක ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවීම අද (18) සිදුකර...

ජේෂ්ඨ සම්මානනීය ගුවන්විදුලි නිවේදිකා චිත්‍රා කුමාරි කළුබෝවිල දිවි ගමන නිම කරයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 18, කොළඹ LNW : ජේෂ්ඨතම සම්මානනීය ගුවන්විදුලි...

පාර්ලිමේන්තු විශ්‍රාම වැටුපත් අහෝසියි!

කොළඹ LNW:පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් නීතිය (ඉවත් කිරීමේ ) පනත්...

ගෙවුණු මාස 11ට මත්ද්‍රව්‍ය ටොන් 20ක් අත්අඩංගුවට!

කොළඹ LNW:ජනවාරි පළමු වෙනදා සිට මේ දක්වා ගෙවී ගිය...