*
Thursday, October 24, 2024
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 12/17

  1. සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය දුරලීම සඳහා මෙතැන් පටන් විශේෂ මෙහෙයුම් දියත් කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසයි.
  2. එකතුකළ අගය මත බද්ද (වැට් බද්ද) 15% සිට 18% දක්වා ඉහළ දැමීම සහ මීට ඉහත වැට් බද්ද ඉවත්කොට තිබූ අයිතම රැසකට නැවත 18% ක වැට් බද්ද පැනවීම හමුවේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සහ ජනතාවගෙන් බොහෝ දෙනෙකු කෝපයට පත්කොට තිබේ: වැට් (සංශෝධන) පනත් කෙටුම්පත සම්මත කර ගැනීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඊට සහාය පළකළ බවට විවේචකයෝ පෙන්වා දෙති.
  3. දරාගත නොහැකි එකතුකළ අගය මත බද්ද (වැට් බද්ද) සහ අනෙකුත් බදු පැනවීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පැකේජයේ කොටසක් බව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාර්ඩ් කබ්රාල් පවසයි: රුපියල පා කර හැරීම, ආනයන පාලන ඉවත් කිරීම, ඉතා අධික පොලී අනුපාත පැනවීම, 200 – 300% තරම් භාණ්ඩ මිල ඉහළ යාම, රජය සතු ව්‍යාපාර විකිණීම සඳහා දැවැන්ත උත්සාහයක යෙදීම, රජයේ සේවාව දැවැන්ත ලෙස කප්පාදු කිරීම ආදී සියල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතාමත සිදුවූ බව පවසයි: ලබන වසරවන විට මෙරට ජනතාවගේ ජීවන තත්ත්ව තවදුරටත් නරක අතට හැරෙනු ඇති බවට අනතුරු අඟවයි.
  4. ගජබා රෙජිමේන්තුවේ මේජර් ජනරාල් හරේන්ද්‍ර පීරිස් ශ්‍රී ලංකා හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී තනතුරට පත්කෙරේ.
  5. ආනයනික බිත්තර මිලියන 15 ක තොගයක් රැගත් නෞකාවක් අද දින මෙරටට පැමිණීමට නියමිත බව ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ (සාමාන්‍ය) සංස්ථාව පවසයි: එමෙන්ම, මෙරටට ගෙන්වා, තත්ත්ව පරීක්ෂාවන් සිදුකළ බිත්තර මිලියන 10ක් හෙට දින සිට සතොස වෙළඳසැල් වෙත බෙදා දීමට කටයුතු කරන බව ද පවසයි.
  6. නැගෙනහිරින් පැමිණෙන රළ ආශ්‍රිතව දිවයින ආසන්නයේ පහළ මට්ටමේ හටගැනෙන වායුගෝලීය කැළඹීමක් හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල පවතින වැසි තත්ත්වය වැඩි වනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි: බස්නාහිර, සබරගමුව, දකුණ, වයඹ සහ නැගෙනහිර පළාත්වල සහ නුවරඑළිය සහ පොළොන්නරුව යන දිස්ත්‍රික්කවල තද වැසි හට ගැනීමට ඉඩ ඇති බව ද අනතුරු අඟවයි.
  7. පළාත් දෙකක පොලිස් වසම් 43 ක පාතාල ක්‍රියාකාරකම් ව්‍යාප්තව ඇති බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසයි: රට පුරා පාතාල ක්‍රියාකාරම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වල අඛණ්ඩ ඉහළයාමක් නිරීක්ෂණයකළ හැකි බවට මත පළවූව ද එය එසේ නොවන බව අවධාරණය කරයි.
  8. සමඟි ජන බලවේගයේ ආණ්ඩුවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන ඉදිරියටම පවත්වාගෙන යන බව එම පක්ෂයේ පා.ම. එරාන් වික්‍රමරත්න පවසයි: එකතුකළ අගය මත බද්ද (වැට් බද්ද) ජනතාව කෙරේ බොහෝ ගැටළු මතුකර ඇති බව පවසයි: වැට් වැනි වක්‍ර බදු ක්‍රමවලට යොමු නොවී රජයේ ආදායම ඉහළ නැංවීම සඳහා සෘජු බදු එකතු කිරීම විධිමත් කළ යුතු බව අවධාරණය කරයි.
  9. ආදායම් එකතු කිරීමේ ක්‍රියාමාර්ග හඳුන්වාදීම හරහා ලබන වසරේ සුරාබදු ආදායම් ඉලක්කය රු. බිලියන 50කින් ඉහළ නැංවීමට මුදල් අමාත්‍යංශය ස්කාගාර සමාගම් යොමුකරයි: සුරාබදු දෙපාර්තමේන්තුව විසින් නිකුත්කරන ලද නව නියෝගය හරහා, නිශ්පාදකයා විසින් හෝටල්, ආපන ශාලා, මත්පැන් අලෙවිසැල්, තැබෑරුම් සහ සුපිරි වෙළඳසැල්වලට දින හතක සහන කාලයක් පමණක් ලබා දිය යුතුය.
  10. ශ්‍රී ලංකා ටෙස්ට්, එක්දින සහ 20-20 ක්‍රිකට් කණ්ඩායම්වල නායකත්වය වෙනස් කිරීමට උපුල් තරංගගේ නායකත්වයෙන් අලුතින් පත්කළ ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර ඇති බව වාර්තා වේ: ටෙස්ට් කණ්ඩායමේ නායක ධනංජය ද සිල්වා; සහ උපනායක කුසල් මෙන්ඩිස්: එක්දින කණ්ඩායමේ නායක කුසල් මෙන්ඩිස්; උපනායක චරිත් අසලංක: 20-20 කණ්ඩායමේ නායක වනිඳු හසරංග; උපනායක චරිත් අසලංක.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan