Xi Jinping ගෙන් නව යෝජනාවක්!

Date:

ෂිකා හෙන්නායක දෙසැම්බර් 18, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා චීනයේ හයිනන් පළාතේ සංචාරයකට එක් වන අතරතුරදී, චීන මාදිලියේ නවීකරණය චීනයේ සියලු පළාත් ආවරණය කරමින් ක්‍රියාත්මක කිරීමට උපදෙස් ලබා දී තිබෙන බව වාර්තා වේ.

හයිනන් පළාතට අනන්‍ය වන වාසී සහගත නවීන කර්මාන්ත පද්ධතියක් ගොඩනැගීමට උත්සාහ දැරිය යුතු බව ඔහු එහිදී සඳහන් කර ඇති අතර, විද්‍යා තාක්ෂණික නවෝත්පාදනය හා කර්මාන්ත නවෝත්පාදනය අතර ඒකාබද්ධතාව පුළුල් කරමින් ප්‍රධාන කර්මාන්ත යාවත්කාලීන කිරීම සිදු කළ යුතු බව ද ඔහු ප්‍රකාශ කළ බව වාර්තා වේ.

එසේම හයිනන් පළාත, බලවත් සමුද්‍රීය කලාපයක් සේ ගොඩනැගීමට අපේක්ෂා කරන බව ද ෂී ජින්පිං ජනාධිපතිවරයා එහිදී පවසා තිබෙන අතර, ලොව ඉහළම මට්ටමේ වෙළඳපොළකරණය, නීත්‍යනුකූල හා ජාත්‍යන්තරකරණය සහිත ව්‍යාපාරික පරිසරයක් හයිනන්හි බිහි කිරීමට බලාපොරොත්තු වන බව ද චීන ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙන බව එරටට් මාධය වාර්තා කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හක්මන සමූපකාර ඡන්දයෙනුත් මාලිමාව උඩින්ම පරදී !

හක්මන විවිධ සේවා සමූපාකාර සමිතියේ නිලවරණයෙන් ද ජාතික ජන...

TLC Triathlon 2025 සාර්ථකව නිමාවට පත්වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : TLC Triathlon 2025...

මහනුවරින් ක්‍රිකට් පුහුණුකරුවන්ට බින්දුවේ සිට පුහුණු කරන්න කියා දෙයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: පූර්ණ සුදුසුකම් ලත් ක්‍රිකට්...