පෞද්ගලික වාහන ආනයන සීමා ඉවත් කෙරෙන දිනය ජනපති ප්‍රකාශයට පත් කරයි

සටහන – රුවන් නෙළුගොල්ල

2025 වර්ෂයේ පෙබරවාරි 01 සිට පෞද්ගලික පරිහරණය සඳහා වාහන ආනයනය කිරීමට අවස්ථාව ලබාදීමට රජය සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

“මගී ප්‍රවාහන බස් සහ විශේෂ කාර්යයන් සඳහා භාවිත කරන වාහන ගෙන්වීමට 2024.12.14 සිට විවෘත කරලා තියෙන්නේ. භාණ්ඩ ප්‍රවාහනය සඳහා රථ සහ පෞද්ගලික ප්‍රයෝජනය සඳහා මෝටර් රථ අපි විවෘත කරන්න සැලසුම් කරලා තියෙනවා. පෞද්ගලික ප්‍රයෝජනය සඳහා වාහන ආනයනය 2025 පෙබරවාරි 01 වනදා සිට යෝජනාවට අපි සැලසුම් කරලා තියෙනවා ක්‍රියාත්මක කරන්න. නමුත් කවුරුත් සැකයක් තියාගන්න එපා නැවත අපි ඩොලර් අර්බුදයකට මුහුණ දේවී කියලා. මහ බැංකුවත් එක්ක අපි දීර්ඝ සාකච්ඡාවක් හරහා මේ වාහන ආනයනය කිරීම සඳහා පිටමංව යන ඩොලර් ප්‍රමාණය කොපමනද කියලා අපි යම් ඇස්තමේන්තුවක් කරලා තියෙනවා. එය කොච්චර අපේ ආර්ථිකයට බලපානවද කියලා අපි සැලකිල්ලට භාජනය කරලා තියෙනවා. නමුත් අපේ ආර්ථිකය යළි කරකවන්න නම් උද්දීපනය කරන්න නම් මේ වාහන වෙළෙඳපොළ අපි විවෘත කළ යුතුයි”

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අද (දෙසැම්බර් 18) පාර්ලිමේන්තුව අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

PSTA, POCA හරහා රජය ඒකාධිපති ආඥාදායක තනි පක්ෂ පාලනයක් කරා රට ගෙනයන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක සජිත්

ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත (PSTA) සහ සංවිධානාත්මක අපරාධ...

අපේ සිහිනයට යෑම සඳහා විවිධ අණපනත් රෙගුලාසි සම්මත කරගන්න වේවි – මන්ත්‍රී සුරවීර

ජාතික ජන බලවේගයට බලය ලබාදුන් ජනතාව විසින් ලබාදී ඇති...

මාලිමාවේ ජාතික විධායක කමිටු සාමාජික ලාල් විජේනායක අභාවප්‍රාප්ත වෙයි !

ජාතික ජන බලවේගයේ ජාතික විධායක කමිටු සාමාජික ජ්‍යේෂ්ඨ නීතීඥ...

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...