ධම්මිකගේ LB ෆිනෑන්ස් පිලිපීනයටත් ව්‍යාප්ත වෙයි !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

LB Finance PLC සිය කලාපීය සේවා පුළුල් කිරීමේ නවතම පියවර සනිටුහන් කරමින් තම පූර්ණ හිමිකාරීත්වය සහිත අනුබද්ධිත සමාගමක් පිලිපීනයේ පිහිටුවීම සඳහා කටයුතු කර තිබේ.

මේ සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතිව හිමි වී ඇති බවයි එම සමාගම නිවේදනය කර ඇත්තේ.

කොළඹ කොටස් වෙළඳපොළ වෙත මේ බව දැනුම් දෙමින් LB Finance සමාගම පවසන්නේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා විසින් 2025 දෙසැම්බර් 11 වන දින LB Finance Philippines Inc නමින් අනුබද්ධිත සමාගමක් පිහිටුවීමට මෙලෙස අනුමැතිය ලබා දුන් බවයි.

මෙම LB Finance Philippines Inc නම් නව සමාගම ඇමරිකානු ඩොලර් 650,000 ක මූලික ආයෝජනයකින් ස්ථාපිත කෙරෙන අතර ප්‍රධාන වශයෙන් පිලිපීනය තුළ සිය මූල්‍ය සේවා සැපයීම් සිදු කරනු ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඔලිම්පික් සහ ඇත්ලටික් – සුගත්! පියරේට ගරු කරමු

නිශ්මං රණසිංහ දෙසැම්බර් 18, කොළඹ LNW: ශ්‍රී ලංකාවට තවමත් නිල...

රුපියල් බිලියන 500ක අතුරු අයවැයක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ ඇයි?

රුපියල් බිලියන 500ක අතුරු අයවැයක් රජය අද (දෙසැම්බර් 18...

අස්වැසුම ප්‍රතිලාභීන් කළ කැපකිරීම!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : අස්වැසුම ප්‍රතිලාභීන් විසින්...

ගුවන ඉහළින්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 18, කොළඹ LNW: දේශිය රග්බි පිටියේ ප්‍රධානතම...