ලක්ෂ දහයෙ රත්තරන් තහඩුව ….

Date:

එකපාරටම කඩාපාත් වුන ගංවතුර ව්‍යසනයේ මහජන ආතතිය ආන්ඩුව පැත්තට හැරෙයි කියලා ඒ වෙලාවෙ ආන්ඩුවේ බලවත්තු බය උනා..

ඒකට පිළියමක් ලෙස ආන්ඩුව කලේ පාර්ලිමේන්තුවේදී නත්තල් පප්පා වගේ බඩු බෙදන්ට පොරොන්දු වීමයි.. තහඩුවක් ගියත් ලක්ෂයක් දෙනවා, ගෙට ඉඩමට කෝටියක් දෙනවා වගේ අන්දරේ ගල උස්සන්ට පොරොන්දු වෙනව වගේ කතා කියන්ට ගත්තේ මේ වෙලාවෙ..

හැම වෙලාවෙම කරා වගේ ළඟ නමලා කතාවෙන් ඒ වෙලාවෙ වැඩේ ශේප් කරගත්තට ඇත්ත තත්වයට අනුව තහඩුවට තහඩුවක් අරන් දෙන්නවත් රටේ ආර්ථිකය ශක්තිමත් නැත.

දැන් අපේක්ෂාභංගත්වය, රැවටීමට ලක්වීම, අසරණබව සමඟ දෙගුණයක මහජන ආතතියකට ආන්ඩුවට මුහුණදීමට සිදුවේ..

මේ හැම එකකින්ම පේන්නෙ ආන්ඩුවේ ප්ලෑන් එකක් නැතිකම, කලබලවෙනසුළුබව, අදූරදර්ශීබව සහ කොටින්ම ආන්ඩුවේ ඇති අඳබාල අපරිණත බවයි..

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇත්තටම ගෑස් හිඟයිද?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : අද (18) පැවති...

ඔලිම්පික් සහ ඇත්ලටික් – සුගත්! පියරේට ගරු කරමු

නිශ්මං රණසිංහ දෙසැම්බර් 18, කොළඹ LNW: ශ්‍රී ලංකාවට තවමත් නිල...

රුපියල් බිලියන 500ක අතුරු අයවැයක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ ඇයි?

රුපියල් බිලියන 500ක අතුරු අයවැයක් රජය අද (දෙසැම්බර් 18...