ගාසා තීරයේ අවතැන් වූ ලක්ෂ සංඛ්‍යාත පලස්තීනුවන්ගේ තත්ත්වය ශීත කුණාටු හේතුවෙන් තවත් නරක අතට

සටහන : සශිකලා මධුෂාණි

 දෙසැම්බර් මස 18: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා තිරයට බලපාන ලද ශිත කුනාටු හේතුවෙන් යුද්ධයෙන් අවතැන්ව සිටින ලක්ෂ සංඛ්‍යාත පලස්තීනුවන්ගේ තත්ත්වය තවත් නරක අතට හැරෙමින් පවතින බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.

ප්‍රමාණවත් නොවන නවාතැන් වල ජීවත් වන මෙම පලස්තීන වැසියන්ගේ තත්වය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය මේ සමබන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, කූඩාරම්, බ්ලැන්කට් සහ අනෙකුත් අත්‍යවශ්‍ය සැපයුම් තමන් සතුව ඇති නමුත් ඊශ්‍රායල බලධාරීන් දේශසීමා හරහා ප්‍රවේශය අවහිර කිරීම හෝ සීමා කිරීම දිගටම කරගෙන යන හෙයින් අවතැන්වූ පිරිසට ඒවා ලබාදිය නොහැකි තත්වයක් උද්ගතව ඇති බවයි.

සැබෑ මානුෂීය ව්‍යසනයකට පත්ව ඇති ගාසා තිරයේ අධික ශීතල හේතුවෙන් සති දෙකක් වයසැති දරුවකු මරණයට පත්ව ඇති අතර ගාසා තීරය පුරා ළමුන් 30,000 කට පමණ මෙම අධික ශිත සහිත කාලගුණයට මුහුණ දී සිටියි.

සටන් විරාම සාකච්ඡා සහ ආධාර ලබා ගැනීමේ හැකියාව සම්බන්ධයෙන් කටාර් අගමැති ෂෙයික් මොහොමඩ් බින් අබ්දුල්රහ්මාන් බින් ජාසිම් අල් තානි වොෂින්ටන් ඩීසී හි එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ සාකච්ජා කර ඇති අතර කොන්දේසි විරහිතව ගාසා තීරයට ආධාර ලබා දීමට කටයුතු කළ යුතු බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...