ජපානයේ Noritake Company Limited වෙතින් රු.මිලි.20ක මූල්‍ය ප්‍රදානයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW :

ජපානයේ Noritake Company Limited ආයතනය විසින් , ආපදා තත්ත්වයෙන් හානි වූ ප්‍රදේශ සංවර්ධනය කිරීමේ රජයේ වැඩපිළිවෙල සඳහා රුපියල් මිලියන 20ක මූල්‍ය ප්‍රදානයක් සිදු කර ඇති බව වාර්තා වේ.

අද ( 18 ) දින ඊට අදාල චෙක්පත Noritake Lanka Porcelain ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ Kenji Obara මහාතා විසින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය වෙත පිලිගැන්වීම පාර්ලිමේන්තු සංකීර්ණයේදී සිදු වූ බව වාර්තා වේ.