නව ක්‍රිකට් පුහුණු මධ්‍යස්ථානයේ පීත්ත පටිය විශ්මි අතින් කැපෙයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 18, කොළඹ LNW:


දඟ පන්දු යැවීම සඳහා කැප වූ කඩුලු දෙකක්, වේග පන්දු යැවීම සඳහා කඩුලු දෙකක් සහ සාමාන්‍ය කාර්ය කඩුලු තුනක් ඇතුළත්ව අති නවීන, කඩුලු හතක ගෘහස්ථ පහසුකම ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව ඉදිකර ඇති ගෘහස්ත කඩුලු 7 ක පුහුණු මධ්‍යස්ථානය ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ අයිතියට පත් විය.


ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා සහ විධායක කමිටු ආරාධනයෙන් මෙහි ප්‍රධාන ආරාධිතයන් සේ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මෙන්ම ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න ද එක්ව සිටි අතර ඔවුන්ගේ ආරාධනයෙන් මෙම වටිනා ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් කඩුලු හත ඇතුළත් ක්‍රීඩා සංකීරණයට ප්‍රවේශවන පීත්ත පටිය කැපීම සිඳු වූයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ දක්ෂ මෙන්ම තරුණ ක්‍රීඩිකාවක වන විශ්මි ගුණරත්න අතින් ය.


‘ඒ’ කණ්ඩායම් සහ නැගී එන කණ්ඩායම් මෙන්ම වයස අවුරුදු 19 න් පහළ, වයස අවුරුදු 17 න් පහළ සහ වයස අවුරුදු 15 න් පහළ ජාතික සංචිත ද ඇතුළත් මේ පුහුණු පරිශ්‍රයෙන් ඉදිරි කාලය තුළ සිය ක්‍රිකට් ජීවිතයට මහත් ප්‍රතිපල නෙලා ගන්නවා සැක නැත.