දඹුල්ලට ප්‍රථම ජය

Date:

මෙවර එල්පීඑල් තරගාවලියේ කිසිඳු ජයග්‍රහණයක් නැතිව අසරණව සිටි දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් දඹුල්ල අවුරා කණ්ඩායම ඊයෙ සිය ප්‍රථම ජයග්‍රහණය වාර්තා කරා.තරග හයක් ජයග්‍රහණය ලැබීම සඳහා ඉවසා සිටින්නට සිඳු වූ දඹුල්ල කණ්ඩායම ඊයේ ද සිය පිතිකරුවන් දෙදෙනෙක්ගේ සාර්ථකත්වය සමඟින් මෙම ජයග්‍රහණයට පිවිසුණා.එසේම ඔවුන්ගේ ප්‍රතිවාදී ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම ඊයේ දවසේ දැක් වූ යම් යම් දුර්වලතාද දඹුල්ල ජයග්‍රහණයට හේතු වුණා.

පළමුව පන්දුවට පහර දුන් දඹුල්ල කණ්ඩායම වෙනුවෙන් ඉණිම ඇරඹූ ෂෙවොන් ඩැනියල් (80) සහ ජෝර්ඩන් කොක්ස් (77) එක්ව පළමු කඩුල්ලට එකතු කළ ලකුණු 163 ක සබඳතානව නිසා සිය ලකුණු පූවරුව පන්දු ඕවර් 20 නිමාවේ කඩුලු 5 ට ලකුණු 178 ක් දක්වා ගෙන යන්නට දඹුලු කණ්ඩායමට හැකි වුණා.ෂෙවෝන් සහ කොක්ස් හැරෙන්නට දඹුල් කණ්ඩායමට පිත්තෙන් ලකුණු එකතු කළේ නායක දසුන් ශානක පමණයි.ඔහු ලකුණු 12 ක් ලබා ගත් අතර භානුක රාජපක්ෂ සහ මහත් විශ්වාසයක් තබා සිටින සිකන්දර් රාසා ලකුණු ලබා ගත්තේ නැහැ.
නුවන් ප්‍රදීප් කඩුලු අතරට එමින් කඩුලු 3 ක් දවා ගත්තත් ඔහුගේ පන්දු ඉදිරියේ ලකුණු 37 ක් උඳුරා ගන්නට දඹුල්ල කණ්ඩායම සමත් වුණා.

පිළිතුරු ඉණිමට පිවිසි ගාල්ල කණ්ඩායමේ බලාපොරොත්තු සුනු විසුණු කරමින් නායක කුසල් මෙණ්ඩිස් මුහුණ දුන් පළමු පන්දුවේදීම දැවී ගියා.ඉන් අනතුරුව බිඳ වැටෙන ඉණිම ගොඩ ගන්ට යම් උත්සාහයක් දරමින් ලහිරු උදාර ලකුණු 32 ක් සහ අසාද් සාෆික් ලකුණු 28 ක් ලැබුවත් ගාල්ල පිතිකරුවන් අසාර්ථක වෙමින් පන්දු 19 .4 දී සියල්ල ලකුණු 130 දැවී ගියා.
ප්‍රමෝද් මධුශාන් ලකුණු 17 ට කඩුලු 3 ක දවා ගත් අතර තරගාවලියේ පළමු වරට දක්ෂතා අතරට පිවිසෙමින් සිකන්දර් රාසා ලකුණු 5 ට කඩුලු දෙකක් දවා ගත්තා.පිත්තෙන් මෙන්ම කඩුලු රැකීමෙන්ද දක්ෂකම් දැක් වූ ජොර්ඩන් කොක්ස් තරගයේ විරයා සම්මානය ලබා ගත්තා.

මේ අතර කළම්ඹු ස්ටාර්ස් කණ්ඩායමට එරෙහිව කඩුලු නවයක පහසු ජයක් ලබන්නට කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම සමත් වුණා.පළමුව පන්දුවට පහර දුන් කළම්ඹු කණ්ඩායම ලකුණු 106 සීමා කරන්නට මුල්වෙමින් ලකුණු 11 ට කඩුලු 4 ක් දවා ගත් චාමික කරුණාරත්න කැන්ඩි කණ්ඩායමට ජයග්‍රහණය අත් කර දෙන්නට පෙරමුණ ගනිමින් මෙවර තරගාවලියේ දෙවන වරටත් තරගයේ වීරයා වුණා.අත්හිට වූ දඩුවමකින් ඇෆ්ගනිස්ථාන තරගමාලාවද අහිමි කළ චාමික මේවර තරගාවලියේ දී මේ වන විට ඒ සඳහා පිත්තෙන්ද පන්දුවෙන්ද පිළිතුරු දෙමින් සිටින අතර මේ තරගය ඊට හොඳම සාක්ෂියක්.කළම්ඹු කණ්ඩායම වෙනුවෙන් හුදෙකලා සටනක නිරත වුණ ඇන්ජලෝ මැතිව්ස් පමණක් ලකුණු 41 ක් ලබා ගත් අතර ඔහු ද චාමිකගේ ගොදුරක් බවට පත් වුණා.
පිළිතුරු ඉණිමට පිවිසි නුවර ෆැල්කන්ස් කණ්ඩායමේ මිනෝද් භානුක පමණක් ලකුණු 6 ට දැවී ගිය අතර කමිදු මෙණ්ඩිස් පන්දු 48 ක් තුළ නොදැවී ලකුණු 51 ක් රැස් කරමින් අගනා ඉණිමක් ක්‍රීඩා කරා.ඔහුට කදිම සහයක් දුන් ආන්ඩ්‍රේ ෆ්ලෙචර් පන්දු 41 දී නොදැවී ලැබූ ලකුණු 44 ත් නිසා පන්දු ඕවර් 16 දි ලකුණු පූවරුව 108 දක්වා ඔසවා තැබූ කැණ්ඩි ක්‍රීඩකයෝ කඩුලු 9 ක් ජයක් වාර්තා කළහ.
ඡායාරූපයේ දැක්වෙන්නේ ඊයේ දඹුල්ල කණ්ඩායමට තරගාවලියේ පළමු ජය ලබා දෙන්නට පිත්තෙන් දස්කම් දැක් වූ ෂෙවෝන් ඩැනියල් සහ ජොර්ඩන් කොක්ස් ය.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

භාෂිගේ ප්‍රතිශතය සියයට 98

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ඉන්දියාවට එරෙහිව අද ශ්‍රී...

කතරගම පඬුරුවලින් රෝහල් හදන බස්නායක නිලමේ

රුහුණු රටේ තෙද නාමය ලොවම සුපතල කළ ‘රුහුණු මහා...

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග අංශය වසා දමයි !

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග වාට්ටුව (Neurosurgical ward )...

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය