*
Saturday, April 27, 2024
spot_img

Latest Posts

මහජන උපයෝගිතා කොමිසම ස්ථාපිත කළ දා සිට මේ දක්වා කිසි දිනක සිය කාර්ය මණ්ඩලයට කිසිඳු බෝනස් මුදලක් ගෙවා නෑ!

2014 -2021 කාලය තුළ කිසිඳු අයක්‍රම යෝජනාවක් නියමිත පරිදි කොමිෂන් සභාවට ලංකා විදුලි බල මණ්ඩලය විසින් ලබා දී නෑ.

2013දී අයක්‍රම සංශෝධනය සමඟ ලබා දෙනු ලැබු කොන්දේසී නවයෙන් හතක්ම ලංකා විදුලි බල මණ්ඩලය සම්පූර්ණ කර නෑ.

හිතලු අනුව වැඩ නොකර පනත් අනුව කටයුතු කිරීමෙන් අනවශ්‍ය සහ විදුලිබල පනත උල්ලංඝණය කෙරෙන හදිසි සහ දිගුකාලීන නොවන විදුලි මිළදී ගැනීම් සඳහා අනුමැතිය ලබා නොදී ඇති අතර එමගින් කොමිෂන් සභාව 2016 වසරෙ සිට මේ දක්වා රුපියල් බිලියන 571ක් ජනතාවට ඉතිරි කර ඇත.

ලංකා විදුලි බල මණ්ඩලය විසින් ගෙවනු ලබන බලපත්‍ර බද්දෙන් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව බෝනස් ගන්නවා යැයි ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සභාපති නිහාල් වීරරත්න මහතා ‘අරුණ’ට කළ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යකි. ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ස්ථාපිත කළ දා සිට මේ දක්වා කිසි දිනක සිය කාර්ය මණ්ඩලයට කිසිඳු බෝනස් මුදලක් ගෙවා නොමැත.

ශ්‍රී ලංකා විදුලි බල පනතේ තුන් වන පරිච්ඡේදයේ පළ වන කොටසේ හත (7), අට (8), නවය (9) සහ දොළොස් (12) වන වගන්ති ප්‍රකාරව යම් තැනැත්තකු විදුලි බලය උත්පාදනය කිරීම, සම්ප්‍රේෂණය කිරීම හෝ බෙදාහැරීම කරන්නේ නම් අනිවාර්යයෙන් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් බල පත්‍රයක් ලබා ගත යුතු අතර විදුලි බල පනතේ හතළිස් හය (46) වන වගන්තිය ප්‍රකාරව ගැසට් පත්‍රයේ පළ කරනු ලබන නියමයක් මගින් කොමිෂන් සභාව විසින් තීරණය කරනු ලැබිය හැකි ප්‍රමාණයකින් වූ වාර්ෂික බද්දක් පනවා සෑම බලපත්‍රලාභියකුගෙන්ම අය කර ගත යුතු යැයි දක්වා ඇත. එසේ නීත්‍යානුකූලව අයකෙරෙන බද්ද විදුලි බල කර්මාන්තය නියාමනය උදෙසා කෙරෙන කාර්ය භාරය වෙනුවෙන් වෙන් කෙරෙනවා විනා කාර්ය මණ්ඩලයට බෝනස් ගෙවීමක් සඳහා කිසිදාක යොදාගෙන නොමැත.

2014 -2021 දක්වා විදුලි බිල වැඩි නොකිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව සම්පූර්ණයෙන් වගකිව යුතු යැයි නිහාල් වීරරත්න මහතා කරන ලද ප්‍රකාශය ද කිසිඳු පදනමකින් තොර සාවද්‍ය ප්‍රකාශයකි. 2014 -2021 කාලය තුළ කිසිඳු අයක්‍රම යෝජනාවක් නියමිත පරිදි කොමිෂන් සභාවට ලංකා විදුලි බල මණ්ඩලය විසින් ලබා දී නොමැති අතර එම කාලය තුළ දී තොග සැපයුම් අයක්‍රමය සම්බන්ධ ජනන වියදම් ඇස්තමේන්තුව මාස හයෙන් හයට කොමිෂන් සභාවට ඉදිරිපත් කරමින් එ් ඒ කාලවලදී යම් යම් පාඩු ලබන බව පමණක් දැනුම් දී ඇත.

ශ්‍රී ලංකා විදුලි බල පනතේ තිහ දෙක ආ (30)(2)(ආ)  වගන්තිය ප්‍රකාරව අයක්‍රමය මගින් ආපසු අය කර ගැනීම සඳහා අවසර දෙනු ලබන්නේ කාර්යක්ෂම පදනමක් මත බලපත්‍රය මගින් බලය දී ඇති ක්‍රියාකාරකම් කරගෙන යාමේදී දරන ලද සියලු සාධාරණ වියදම් පියවා ගැනීම සඳහාය. එම වියදම් පියවා ගැනීම සඳහා වන අයක්‍රම (සම්ප්‍රේෂණය කිරීමේ හා තොග විකිණීමේ අයක්‍රම සහ බෙදාහැරීමේ හා සැපයීමේ අයක්‍රම) බලපත්‍රලාභියා ලෙස ලංකා විදුලි බල මණ්ඩලය සකස් කළ යුත්තේ එම මණ්ඩලයට නිකුත් කර ඇති බලපත්‍රයේ සඳහන් කොන්දේසීවලට සහ කොමිෂන් සභාව විසින් අනුමත කරන ලද පිරිවැය ප්‍රත්‍යවේක්ෂක ක්‍රමවේදයකට අනුකූලවයි. ඒ අනුව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව 2013දී අයක්‍රම සංශෝධනය ලබා දෙනු ලැබුවේ ඊළඟ අයක්‍රම සංශෝධනයට පෙර සම්පූර්ණ කළ යුතු වූ කොන්දේසී කිපයක් සමගයි. එහෙත්

  • විදුලි බලාගාරවලින් නිපදවන විදුලිය මිළදී ගැනීම සම්බන්ධයෙන් විගණනය කිරීම
  • තොග සැපයුම් ගනුදෙනුවලට අදාළ ගිණුම් පවත්වා ගෙන යාම
  • සම්ප්‍රේෂණ බලපත්‍රලාභියා සහ විදුලි ජනන බලපත්‍රලාභයා අතර විදුලි මිළදී ගැනීම සඳහා ලංකා විදුලි බල මණ්ඩලයේ සියලුම විදුලි බලාගාරවලට අදාළව ගිවිසුම් ගත වීම
  • සම්ප්‍රේෂණ බලපත්‍රලාභියා සහ විදුලි බෙදාහැරීම් බලපත්‍රලාභයා අතර විදුලි විකිණීමට අදාළව ගිවිසුම් ගත වීම
  • ගල් අඟුරු සැපයීමේ දිගු සහ මධ්‍ය කාලීන ගිවිසුම්වලට එළඹීම
  • සියලුම බලපත්‍රවලට අදාළව 2011 සහ 2012 වර්ෂ සඳහා ආදායම් වෙන් කිරීම සහ විගණනය කරන ලද ගිණුම් පවත්වා ගෙන යාම
  • තාප බලාගාරවල තාප ප්‍රමාණ ස්වාධීන පරීක්ෂණ පැවැත්වීම

යන කොන්දේසී කිසිවක් (කොන්දේසී නවයෙන් හතක්ම) ලංකා විදුලි බල මණ්ඩලය සම්පූර්ණ කර නොමැත. ඒ අනුව දරන ලද වියදම්වල සාධාරණ බව සනාථ කිරීම සඳහා අදාළ කොන්දේසි සම්පූරණ කළ යුතු වේ.

2016දී සියයට හයක අයක්‍රම වැඩි කිරීමක් සිටිය ද එම අවස්ථාවේදී ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව එම ඉල්ලීම ඉටු නොකරන ලද්දේ 2015දී ලංකා විදුලි බල මණ්ඩලය බිලියන 15ක ලාභයක් ලබා තිබුණ හෙයිනි. එමෙන්ම එම වැඩිකිරීම නොකරන ලෙස විදුලි බල අමාත්‍යංශය ද උපදෙස් ලබා දී තිබුණී. ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ කිසිඳු නිලධාරියකු හිතලු අනුව වැඩ නොකරන අතර කොමිෂන් සභාවත් එහි කාර්ය මණ්ඩලයත් සිය නියාමන කාර්ය භාරය ඉටු කරනු ලබන්නේ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභා පනත සහ ශ්‍රී ලංකා විදුලි බල පනත ප්‍රකාරව බව ද පෙන්වා දෙමු. මෙගාවෝට් 1841ක (1841MW) හදිසි සහ දිගුකාලීන නොවන විදුලි මිළදී ගැනීම් සඳහා අනුමැතිය ඉල්ලා යෝජනා 16ක් 2016-2020 කාලය තුළ කොමිෂමට ලැබුණු අතර ඉන් යෝජනා 14කටම අනුමැතිය නොදී සිටිනු ලද්දේ පනත් ප්‍රකාරව ක්‍රියාකිරීමේ ප්‍රතිඵලයක් ලෙසය. අනවශ්‍ය සහ විදුලිබල පනත උල්ලංඝණය කෙරෙන හදිසි සහ දිගුකාලීන නොවන විදුලි මිළදී ගැනීම් සඳහා අනුමැතිය ලබා නොදීම හේතුවෙන් කොමිෂන් සභාව 2016 වසරෙ සිට මේ දක්වා රුපියල් බිලියන 571ක් ජනතාවට ඉතිරි කර ඇති අතර අනවශ්‍ය හදිසි මිළදී ගැනීම් සඳහා 2019 වසරදී පමණක් අනුමැතිය ලබා නොදී රුපියල් බිලියන 121ක් පමණ ඉතුරු කොට ඇත.

මේ අතර හෝටල් සඳහා වන අයක්‍රමය කළින් තිබුණට වඩා මෙවර අයක්‍රමයේදී අඩුකර ඇතැයි නගන චෝදනාව ද සම්පූර්ණ සාවද්‍ය ප්‍රකාශයකි. සියලුම ක්ෂේත්‍ර සඳහා කලින් තිබුණට වඩා මෙවර අයක්‍රමයේදී ගාස්තු ඉහළ දමා ඇත.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan