‘මාධ්‍ය නිදහස සෙල්ලම් බඩුවක් නොවේ’ එක්සත් ජාතීන්ගේ සන්නිවේදන ප්‍රධානී එලොන් මස්ක්ට තරවටු කරයි

Date:

ElonJet හෙවත් එලොන් මස්ක්ගේ පෞද්ගලික ජෙටි යානව පිළිබඳව ප්‍රසිද්ධියේ පවතින තොරතුරු භාවිතා කරමින් ElonJet නම් ට්විටර් ගිණුම සම්බන්ධයෙන් ඇති වූ මතභේදයක් හේතුවෙන් නිව්යෝර්ක් ටයිම්ස්, සීඑන්එන් සහ වොෂින්ටන් පෝස්ට් වාර්තාකරුවන් කිහිපදෙනෙකුගේම ටුවිටර් ගිනුම් අත්හිටුවීමට එලොන් මස්ක් කටයුතු කර ඇති බව වාර්තා වේ.

එනමුත් මාධ්‍යවේදීන් විසින් ඉදිරිපත් කරනු ලැබූ තොරතුරු එක්සත් ජනපද ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය විසින් රැස් කරන ලද පියාසැරි ලුහුබැඳීමේ දත්ත පොදු තොරතුරු වන අතර FlightAware සහ Flightradar24 වැනි පුද්ගලික වෙබ් අඩවි මගින් අන්තර්ජාලය හරහා නිතිපතා බෙදා ගනු ලබන ඒවා බව පැවසෙන අතර මස්ක් මෙහිදී ප්‍රසිද්ධ නොවන තොරතුරු හෙළි කිරීමෙන් තම පවුල අනතුරේ හෙළන බවට මාධ්‍යවේදීන්ට චෝදනා කර ඇත.

නිදහස් කථන නිරපේක්ෂවාදියෙකු ලෙස තමාව හඳුන්වන මස්ක්ගේ මෙම ගිනුම් අත්හිටුවීම් රජයේ නිලධාරීන්, උපදේශක කණ්ඩායම් සහ පුවත්පත් සංවිධානවල රැසක විවේචන රැල්ලක් ඇති වීම හේතුවෙන් නැවත ඒවා සක්‍රීය කිරීමට මස්ක් කටයුතු කර ඇත.

මේ සම්බන්ධයෙන් ප්‍රංශය, ජර්මනිය, එක්සත් රාජධානිය සහ යුරෝපීය සංගමයේ නිලධාරීන් සිය අප්‍රසාදය ප්‍රකාශ කර ඇති අතර එක්සත් ජාතීන්ගේ සන්නිවේදන ප්‍රධානී Melissa Fleming ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ අත්හිටුවීම් හේතුවෙන් තමා කලබලයට පත් වූ බවත්, මාධ්‍ය නිදහස සෙල්ලම් බඩුවක් නොවන බවත්ය. එමෙන්ම මාධ්‍ය නිදහස අනතුරේ හෙළන පියවර සම්බන්ධයෙන් තමන්ට ගැටලුවක් ඇති බව ජර්මානු විදේශ කාර්යාලය ටුවිටර්හි සඳහන් කර තිබිණි.

මස්ක්ගේ මෙම හිතුවක්කාරී තීරණයත් සමඟ ඔහුගේ විදුලි මෝටර් රථ නිෂ්පාදන සමාගම වන ටෙස්ලා සමාගමටද බලපා ඇති අතර 2020 සිට ඔවුන්ගේ නරකම සතිපතා පාඩුව ලෙස සමාගමේ කොටස් සියයට 4.7 කින් පහත වැටී ඇත.

මස්ක් විසින් පසුගිය ඔක්තෝම්බර් මාසයේදී ඩොලර් බිලියන 44 කට ටුවිටර් වේදිකාව මිලදී ගැනීමෙන් පසු ශ්‍රම බලකාය කප්පාදු කර, එහි මධ්‍යස්ථ ප්‍රතිපත්ති නැවත සකස් කර, හිටපු එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇතුළු කලින් ටුවිටර් ගිනුම් තහනම් කළ ගිණුම් ප්‍රතිස්ථාපනය කිරීමට කටයුතු කරන ලදි. එහිදී මස්ක් ප්‍රකාශ කර තිබුණේ නිදහසේ කතා කිරීමට ටුවිටර් වේදිකාවේ නිදහස ඇති බවත්, නිදහසේ කතා කිරීමේ නාමයෙන් ගිණුම අත්හිටුවන්නේ නැති බවත්ය.

සශිකලා මධුෂාණී_

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩඩ්ලිගේ යූස්ඩ් වාහනයට රේගුව මිලියන 100ක් බදු ගහලා ?

අරලිය සහල් අධිපති, කෝටිපති ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන පසුගිය දවස්වල...

ලංකාවට තවත් අවස්ථාවක්

නිශ්මං රණසිංහ ජූලි 04, කොළඹ LNW: මේ වන විට ආසියානු...

එස්. එම්. චන්ද්‍රසේන අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන අල්ලස් හෝ...

ශ්‍රී ලංකා ක්‍රිකට් විශ්ව විද්‍යාලයට යයි

නිශ්මං රණසිංහ ජූලි 04, කොළඹ LNW: රාජ්‍ය විශ්වවිද්‍යාලය 16 ට...