නැවත කපුටන්ටයි මයිනන්ටයි නැගිටීමක් නම් නෑ – විපක්ෂ නායක (VIDEO)

Date:

කොළඹ LNW:ජනතාව කබලෙන් ලිපට වැටී සිටින මොහොතක කපුටොයි මයිනොයි නැවත නැගිටීමට උත්සහ කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

වැට් බදු සියයට 15 සිට 18 දක්වා වැඩි කළ ජනාධිපතිවරයා කඳුකරයේ සංචාරයක නිරත වන විට රට බංකොලොත් කළ, ජනපතිගේ ගෝලයෝ නැවත නැගිටිමට උත්සාහ කරන බවත් මොල 7ක් ඇති බව පවසා රට බංකොලොත් කළ කපුටන්ට මයිනන්ට නැවතත් කියන්න ඇත්තේ රටේ මිනිසුන් රට බංකොලොත් කළ අය එනතුරු බලා සිටින බවත් යැයි විපක්ෂ නායකයා කියාසිටියි.

ගව සම්පත සුරකින සම්මේලනයේදී රට බංකොලොත් කල ප්‍රධානියා විසින් සමගි ජන බලවේගය අවශ්‍ය අවස්ථාවේදී වගකීම බාර නොගෙන මේ වන විට ජනාධිපති සිහිනයක් සිටින බව පැවසූ අතර රට බංකොලොත් කළ පොහොට්ටුවේ කණ්ඩායමක් සමඟ රට හදන්න බැරි නිසා එසේ වගකීම භාර ගැනීමට කැමැත්ත පළ නොකළ බවත් තමා ප්‍රමුඛ සමගි ජන බලවේගය රට භාර ගන්නේ ජනතා වරමින් බවත් හෙතෙම අවධාරණය කරයි.

සමගි ජන බලවේගය සෙසු පක්ෂ මෙන් නාලිකාවලට පැමිණ ෆයිල් පෙන්වා බොරු සෝබන නොපෙන්වන බවයි ප්‍රේමදාස මහතා සඳහන් කරන්නේ.

සමගි ජන බලවේගය සෑම විටම ප්‍රායෝගිකව රට බංකොලොත් කළ පිරිස නිතිය හමුවේ ඔප්පු කර අවසන් බවද විපක්ෂ නායකයා තවදුරටත් ප්‍රකාශ කරයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් දක්වා සිටියේ බියගම ආසනයේ පැවති ජන හමුවකට එක්වෙමිනි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාව හා චීනය අතර වෙළඳ සබඳතා නැවත ආරම්භ කිරීමට සහ දේශසීමා ආරවුල විසඳීම සඳහා වැන්ග් යී, නරේන්ද්‍ර මොදී හමුවේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ඉහළම රාජ්‍ය...

තහනම් වැඩෙත් තහනම් කරගන්නෙ නැතුව තියා ගන්න බැරිවීම

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW: ක්‍රීඩා අමාත්‍යවරයා සංවාදශීලී නැත.ඉතාම අසාර්ථක...

යුක්තියෙන් තොර සාමයක් නොමැත – පලස්තීනයේ නිදහස වෙනුවෙන් කොළඹදී පාගමනක්! (PHOTOS)

කොළඹ LNW: පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අද (20) කොළඹදී විරෝධතා...