අවසාන තරගයක අඩු අත්දැකීම් නිසා එමීර් රාජ්‍යයට පරාජයේ අමිහිරි බව වැඩියෙන් දැනෙයි

Date:

සටහන – නිශ්මං රණසිංහ

කොළඹ (LNW): අවුරුදු 19 න් පහළ ආසියානු ක්‍රිකට් කුසලානය දිනා ගැනීමට බංගලාදේශයට හැකියාව ලැබිණ.ඒ් අවසන් තරගයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව ලකුණු 195 ක් දැවන්ත ජයග්‍රහණයක් ලබමින්ය.අත්දැකීම් ඇති ක්‍රිකට් සංස්කෘතියක හිමිකරුවන් ලෙස එමීර් කණ්ඩායමට වඩා පරිණත බංගලාදේශයට මේ තරගයේදී අවසාන තරගයක මානසිකත්වය යන පීඩනය අඩුවෙන් දැනීමම,වැඩියෙන් ජයග්‍රහණයට ඇති ඉඩ පළල් කර දුන් එකක් විය.


අවසාන තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට එමීර් රාජ්‍යයේ තරුණයෝ තීරණය කළහ.එහිදී එම තීරණයට සාධාරණය ඉටු කළ තරගාවලිය පුරාම හොඳින් පන්දු යැවූ එමීර් කණ්ඩායමේ වේග පන්දු යුගලය වන ඔමිඩ් රෙහ්මන් සහ අයිමන් අහමඩ් යම් කිසි තර්ජණයක් බංගලාදේශ පිතිකරුවන්ට එල්ල කරමින් ලකුණු 14 දී බංගලාදේශ කණ්ඩායමේ පළමු කඩුල්ල දවා ගන්නට සමත් විය.නමුත් ඉනික්බිත් තරගාවලිය පුරාම බංගලාදේශය වෙනුවෙන් පිත්තෙන් වගකීම් ඉටු කළ ආරම්භක පිතිකරු සහ කඩුලු රකින ක්‍රීඩක අශිකර් රහ්මන් ශිබ්ලි (129) සහ චවුදර් රිස්වාන් (60) එක්ව දෙවන කඩුල්ලට ලකුණු 123 ක සබඳතාවයක් ගොඩ නඟන්නට සමත් වූහ.ඉනික්බිති අශිකර් සමඟ තෙවන කඩුල්ලට තවත් ලකුණු 86 ක සබඳතාවයක් ගොඩ නැඟිණ.ඊට සහය වූයේ අරිෆුල් ඉස්ලාම් ය.(50)


ආරම්භක පිතිකරු ලෙස පැමිණ ඉණිම ගොඩ නැංවූ අශිකර් රහ්මන් හත්වන කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් වන විට මුළු ලකුණු පූවරුව 282 ක් වූ බංගලාදේශයේ මුළු ලකුණු ප්‍රමාණය දක්වාම පිටියේ රැදී තිබිණ.ඒ ඉවසීම,සංයමය සමඟින් අශිකර් හැසිරුණ වගකීම් සහගතභාවය නුදුරු අනාගතයක බංගලාදේශ ජයග්‍රහණයන්ට හිතකර පුද්ගලයෙක් නිර්මාණය වීමේ පෙර ලකුණු පෙන්වීමක්ය.එම වගකීම් සහගත පිතිකරණයේ දි අශිකර් පෙන් වූ කුසලතා නිසාම ඔහු අවසන් තරගයේ වීරයා පමණක් නොව තරගාවලියේ වීරයා ලෙසද ඇගයීමට ලක් විය.එහෙත් බංගලාදේශයට එරෙහිව ඉතාම හොඳින් පන්දු යැවූ අයිමන් අහමඩ් ලකුණු 52 ට කඩුලු 4 ක් දවා ගනිමින් එමීර් කණ්ඩායම වෙනුවෙන් පන්දුවෙන් පෑ දස්කම ද ඉතා ඉහළින් අගය කළ යුතුය.


පිළිතුරු ඉණිමට පිටියට පිවිසි එක්සත් එමීර් රාජ්‍යය කණ්ඩායමට අවසාන තරගයක මානසිකත්වය සම්බන්ධයෙන් ඇති කෝඩුකාරකම බෙහෙවින් බලපෑවේය.එම බලපෑම වැඩි කරන්නට හේතු වූ අනෙක් කාරණය වූයේ බංගලාදේශ ලකුණු පූවරුවය.ලකුණු 300 ට ආසන්න වූ එම ලකුණු 282 කෙසේ සැළසුම් කරන්නේ ද යන්න සම්බන්ධයෙන් ඇති අත්දැකීමවලින් තොර ආධුනිකත්වය ද ඔවුන්ට එරෙහිව ආවේය.
එසේම බංගලාදේශ පන්දු යවන්නන් ලකුණු 282 ක් ලැබීමෙන් ලද විශ්වාසය මත ඉතාමත් හොඳින් පන්දු යැවීම සිඳු කළ අතර එයද එක්සත් එමීර් කණ්ඩායමට එරෙහිව ජයග්‍රහණයට යාමට විශාල බාධාවක් ඇති කර තිබිණ.ද්‍රෝව් පරාශර් (25) පමණක් ඉණිම නිමවන තුරුම නොදැවී,කඩුල්ලේ රැඳෙමින් එම අභියෝගයට සාර්ථක පිළිතුරක් දෙන්නට විශාල උත්සාහයක් ගන්නා බව පෙනෙන්නට තිබිණි.එහෙත් ඒ සියල්ල ව්‍යර්ථ කරමින් බංගලාදේශ පන්දු යවන්නන් එමීර් කණ්ඩායමේ කඩුලු බිඳ දමන්නට වූ අතර ඒ අතරින් ලකුණු මරූෆ් ම්රිධා ලකුණු 29 ට කඩුලු 3 ක් සහ රෝහණාත් දුල්ලාහ් ලකුණු 26 ට කඩුලු 3 ක් දවා ගනිමින් කැපී පෙණින.


අවසානයේ එමීර් රාජ්‍යයේ ඉණිමේ ආයුෂ 25 වන පන්දු ඕවරයේ පස්වන පන්දුවේදී නිමා වන විට ලකුණු පුවරුව ලකුණු 82 රැදී තිබිණ.ලකුණු 195 ක දැවන්ත ජයක් සමඟින් අවසාන තරගයක දැකිය හැකි තරගකාරීත්වයෙන් බැහැර වූ අවසාන තරගයක් වූ බංගලාදේශයට පහසු ජයක් හිමි වූ මෙම තරගයේ ලකුණු පූවරුවට පහතින් පිවිසිය හැකිය.
https://www.espncricinfo.com/series/asian-cricket-council-under-19s-asia-cup-2023-24-1411739/united-arab-emirates-under-19s-vs-bangladesh-under-19s-final-1411761/full-scorecard

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා ක්‍රිකට් විශ්ව විද්‍යාලයට යයි

නිශ්මං රණසිංහ ජූලි 04, කොළඹ LNW: රාජ්‍ය විශ්වවිද්‍යාලය 16 ට...

අධිකරණ නියෝග මත ඉන්දියාවෙන් පිටුවහල් කළ සැකකරුවන් තිදෙනෙකු යළි මෙරටට !

රෂිකා හෙන්නායක ජූනි 04, කොළඹ LNW : මෙරට අධිකරණවලින් ඇප...

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...