හරීන් සහ සාගල එක්ව ගාලුමුවදොර නත්තල අරඹයි!

Date:

කොළඹ LNW:එළඹෙන නත්තල සහ නව අවුරුදු උදාව වෙනුවෙන් ගාලු මෝදර ප්‍රදේශයේම ආවරණය වන පරිදි විදුලි ආලෝකයෙන් ප්‍රදේශය ආලෝකමත් කිරීමට කටයුතු යොදා තිබුණ අතර දැවැන්ත නත්තල් ගසක් සමග විශේෂ සැරසිලි ද එක්කර තිබේ.

එහි විවෘත කිරීම ඊයේ (17) රාත්‍රියේදී සිදුකෙරුණේ අමාත්‍ය හරීන් ප්‍රනාන්දු,සාගල රත්නායක,ලෝක බැංකු සහ තානාපති නියෝජිතයින්ගේ සහභාගීත්වයෙනි.

හමුදාපතිවරුද ඊට එක්ව සිටියහ.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් මෙහිදී නත්තල් කැරොල් ගී මුළු රාත්‍රිය පුරාම වාදනය කරණ ලදී.

ඊයේ රාත්‍රියේ ආරම්භ වූ ගාලුමෝදර නත්තල් අසිරිය ජනවාරි 03 වෙනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

මෙම කාලය තුළ නත්තල් කැරොල් වාදන ඉදිරිපත් කිරීමට ත්‍රිවිධ හමුදාව එක්වන අතර එළඹෙන 25 වැනි දා සිට ලබන 03 වැනිදා දක්වා ප්‍රාසාංගික වැඩසටහන් රැසක් සංවිධානය කර තිබේ.

31 වෙනිදා රාත්‍රිය මුළුල්ලේ දැවැන්ත සංගීත ප්‍රසංගයක් ද,චීන මල් වෙඩි සංදර්ශනයක් ද පැවැත්වීමට නියමිතයි.

එහිදී අදහස් දක්වමින් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසුවේ සංචාරක කර්මාන්තයේ ඉලක්ක සපුරා ගෙන යන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාව මුළු ලෝකෙටම විවෘත කර ඇති බවයි.

ශ්‍රී ලංකාවේ දුෂ්කරතා ඇති කාලයක් වුවත් මෙරටට සංචාරක කර්මාන්තයෙන් ඉදිරි ගමනක් යා හැකි බවයි අමාත්‍යවරයා පෙන්වාදුන්නේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තේරුම් කමිටුව නිර්භිත විය යුතු සහ හෘද සාක්ෂියට අවංක විය යුතු මොහොතක්

නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: සිම්බාබ්වේ යන්නෙ බංගලින්ගෙන් කාලාශ්‍රී ලංකාව...

කුමාර ජයකොඩි ඇමතිවරයා සම්බන්ධයෙන් ආණ්ඩුව ගන්න ක්‍රියාමාර්ගය මොකක් ද? – පුබුදු ජයගොඩ

රටේ වත්මන් දේශපානලන තත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා පෙරටුගාමී...

රාජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...