*
Saturday, April 27, 2024
spot_img

Latest Posts

මහින්දගේ අත්වල ලේ නැතිවුණාට අල්මාරියේ ඇටකටු තියෙනවා – මුජිබර්ගෙන් දරුණු චෝදනාවක්!

කොළඹ LNW:ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සමුළුවේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසූ ආකාරයට ඔහුගේ අත්වැල ලේ තැවරී නැතත් අල්මාරියේ ඇටකටු තිබෙන බව සමඟි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසුවේය.

ඒ, අද (18) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදීය.

”මහින්ද කියනවා අත්වල ලේ තැවරිලා නෑ කියලා. එයා ජනාධිපති මල්ලි ආරක්ෂක ලේකම් ඉන්න කාලේ ලසන්ත වික්‍රමතුංග,කීත් නොයාර්,පෝද්දල ජයන්ත ඇතුලු පිරිසකට පහරදුන්නා. මහින්දගේ අත්වල ලේ නැති උනාට ඇල්මරියේ ඇටකටු තියෙනවා. තාජුඩින්,ලසන්ත,එක්නැලිගොඩ ඇතුළු නඩු ඉස්සරහට නොගියේ ඇයි කියලා වික්‍රමසිංහ, මෛත්‍රීපාල දන්නවා. මේවා දේශපාලන ඝාතන.” යනුවෙන් මුජිබර් රහුමාන් මහතා කියාසිටියේය.

මේ අතර වැට් බදු වැඩිකිරීම නිසා ජනතාව පත්වන අසීරුව පිළිබඳවද එහිදී රහුමාන් මහතා අදහස් දක්වන ලදී.

”අලුතින් භාණ්ඩ 97 කට වැට් එක පනවලා. මේ මුකුත් කරගන්න බැරිව තමයි ජනාධිපති කයිය ගහන්නේ. මේ වැට් එක නිසා භාණ්ඩ හා සේවාවන් ඉහළ යනවා. ඒ තුළ ජනතාව තව තව අසරණ වෙනවා. දැන් 4 දෙනෙක් ඉන්න පවුලකට 150000ක් ඕන මාසයක් ජීවත්වෙන්න. ජනාධිපතිවරයා වැල්පාලමෙන් එගොඩ කළේ මන්දපෝෂණය,ක්‍රයශක්තිය වගේ ඒවා. රාජපක්ෂලාගේ වංචාවලට සම්බන්ධ අය එගොඩ කළා ජනතාවට වැලේ වැල් නැතිකරලා. ජනාධිපතිවරයා අපිව ගෙනියන්නේ හෙළ නොපෙනන ගැඹුරකට. ජනතාවට තියෙන්නේ මාර්ග දෙකයි එක්කෝ පාරට ඇවිත් සටන් කරන්න ඕන නැත්නම් ගෙදර ඉදන් බෙල්ලේ වැල දාගන්න ඕන. වික්‍රමසිංහ මහතා එතුමාව ජනාධිපති කළ අයට විරුද්ධව මුකුත් කරන්නේ නෑ. 2024 ජනතාවට තියෙන්නේ පාරට ඇවිත් සටන් කරන්න.” යනුවෙන් හිටපු මන්ත්‍රීවරයා තවදුරටත් ප්‍රකාශ කළේය.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan