ඔප්පු කළොත් මම අස්වෙනවා, නැත්නම් ඔබ අස්වෙන්න – නාමල්ගෙන් වසන්තට අභියෝගයක්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

තමන් නීති විද්‍යාලයේ අවසන් විභාගයට පෙනී සිටියේ වායුසමනය කළ කාමරයක වෙනම සිටිමින් බව ඔප්පු කළහොත් තමන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බවත් එසේ ඔප්පු කළ නොහැකි වුවහොත් එම චෝදනාව එල්ල කළ වසන්ත සමරසිංහ මහතා ඇමති ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පවසයි.

“යම්කිසි චෝදනාවක් තියෙනවා නම් ගරු අධිකරණ ඇමතිතුමනි, ඔප්පු කරන්න. මේ අපහාසය එල්ල වෙන්නෙ නාමල් රාජපක්ෂට නෙවෙයි, ලංකාවේ නීති විද්‍යාලයට, නීති ක්ෂේත්‍රයට. මම ඔබතුමාගෙන් ඉල්ලන්නෙ මේ කාරණාව හැන්සාඩ් එකෙන් ඉවත් කරන්න කටයුතු කරන්න. මම තනියම AC කාමරයක විභාගය ලිව්වා කියලා ඔප්පු කරන්න. ඔප්පු කළොත් මම පාර්ලිමේන්තුවෙන් අයින් වෙනවා, නැත්නම් ඔබතුමා ඇමතිකමෙන් අයින් වෙන්න ඕනෙ”

ඇමති වසන්ත – හරි හරි. බොහෝම හොඳයි. හැන්සාඩ් එකේ තියෙන්න ඕනෙ. එතුමා තනියම නෙවෙයි කියනවානෙ, තනියම නෙවෙයි නම් මෙතුමාට විභාග ප්‍රශ්න පත්තරේ ලියපු කෙනාත් ඉන්න ඇති සමහරවිට. කොමර්ෂල් ලෝ එකට ලකුණු 99ක් අරන් තියෙනවා …

“මම විභාගෙ ලිව්වාට මම නෙවෙයි පේපර් එක හැදුවෙ. පේපර් එක මාක් කළෙත් අපෙ තාත්තා නෙවෙයි. ඒ හින්දා කරුණාකරලා නීති විද්‍යාලයෙන් මේ පිළිබඳ පරීක්ෂණයක් කරලා ඔබතුමා මේ පාර්ලිමේන්තුව වගේම රට දැනුවත් කරන්න. අනිත් පැත්තෙන් කිව්වානෙ උපාධියක් ගැන මම ඉන්දියාවෙ කළා කියලා. මං හිතන්නෙ අතිගරු ජනාධිපතිතුමාගෙ ඉන්දියන් සංචාරය එක්ක මෙතුමාට පටළැවිලා. මොකද මගේ උපාධිය තියෙන්නෙ එංගලන්තයේ සිටි විශ්වවිද්‍යාලයේ. පාර්ලිමේන්තුවෙන් මම අවසර දෙන්නම් ඒ විශ්වවිද්‍යාලයට ලියලා මගේ උපාධිය පිළිබඳ සනාථ කරගන්න. නාමල් රාජපක්ෂ ඉස්සරහින් මට නැති දොස්තරකමක් මම දාගෙන නෑනෙ”

නාමල් රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ ඊයේ (දෙසැම්බර් 18) පාර්ලිමේන්තුවේදී අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා එල්ල කළ චෝදනාවකට පිළිතුරු දෙමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චමරිලා ලෝක සූරියන් මුණ ගැසී රටට සතුට රැඟෙන එන්න සූදානමින්….

නිශ්මං රණසිංහ දෙසැම්බර් 07, කොළඹ LNW: කාන්තා එක්දින ලෝක සූරියන්...

ජාතික ආපදා සහන සේවා මධ්යස්ථානයෙන් නිවේදනයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 07, කොළඹ LNW : 2025 "දිට්වා" සුළි...

සුඩානයේ මරාගෙන මැරෙන ඩ්‍රෝන් ප්‍රහාරයක් හේතුවෙන් දරුවන්ද ඇතුළුවන් 114 දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් මස 07: ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) :...

ආපදාවෙන් පසු රාජ්‍ය මූල්‍යනය : අමතර බිලියන සිය ගණන හොයාගන්නේ කොහොමද ?

ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදු වූ ව්‍යසන තත්ත්වය හමුවේ...