ටොයෝටා ලංකා සමාගම වැඩ අරඹයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ (LNW):

ටොයෝටා ලංකා සමාගම සිය පළමු වාහන ප්‍රමාණය මෙරටට ගෙන්වා තිබේ. ඒ අදියර වශයෙන් වාහන ආනයන සීමා ලිහිල් කිරීමට රජය තීරණය කිරීමත් සමගයි. එලෙස ආනයනය කර ඇත්තේ සංචාරක කර්මාන්තය සඳහා යොදාගැනෙන රථවාහන වේ.

ඉකුත් රජය ආර්ථික අර්බුදකාරී වාතාවරණය හමුවේ මෙරට විදේශ විනිමය සංචිත පහළ යාමත් සමග වාහන ආනයනයට සීමා පැනවීමට පියවර ගත් අතර, ක්‍රමිකව ආර්ථිකය ප්‍රකෘතිමත් වෙමින් පැවතීමත්, විදේශ විනිමය සංචිත යළි ඉහළ යාමත් හමුවේ ආනයන සීමා ලිහිල් කරමින් අදියර කිහිපයක් යටතේ නැවත වාහන ආනයනයට රජය තීරණය කළේය. ඒ සඳහා පළමුව අවසර හිමිවුණේ සංචාරක කර්මාන්තයට යොදාගැනෙන වාහන ආනයනය කිරීමට වන අතර, එම තීරණයෙන් පසු ටොයෝටා ලංකා සමාගම සිය පළමු වාහන තොගය මෙලෙස දිවයිනට ගෙන්වා ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

PSTA, POCA හරහා රජය ඒකාධිපති ආඥාදායක තනි පක්ෂ පාලනයක් කරා රට ගෙනයන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක සජිත්

ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත (PSTA) සහ සංවිධානාත්මක අපරාධ...

අපේ සිහිනයට යෑම සඳහා විවිධ අණපනත් රෙගුලාසි සම්මත කරගන්න වේවි – මන්ත්‍රී සුරවීර

ජාතික ජන බලවේගයට බලය ලබාදුන් ජනතාව විසින් ලබාදී ඇති...

මාලිමාවේ ජාතික විධායක කමිටු සාමාජික ලාල් විජේනායක අභාවප්‍රාප්ත වෙයි !

ජාතික ජන බලවේගයේ ජාතික විධායක කමිටු සාමාජික ජ්‍යේෂ්ඨ නීතීඥ...

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...