ජනතාවට දැරිය හැකි මිලකට අලුත් මත්පැන් වර්ගයක් – සුරාබදු දෙපාර්තමේන්තුව වැඩට බහී !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

නීතිවිරෝධී මත්පැන් පිටුදැකීම සඳහා මහජනතාවට දැරිය හැකි මිලකට අලුතින් මත්පැන් බෝතලයක් හඳුන්වාදීමට කටයුතු කරන බව සුරාබදු කොමසාරිස් ජනරාල් උදය කුමාර පෙරේරා මහතා පවසයි.

“2024 වර්ෂය සඳහා රුපියල් බිලියන 232ක් සුරාබදු දෙපාර්තමේන්තුවට ආදායම් ඉලක්කය විදියට දීලා තිබෙනවා. මේ වෙනකොට බිලියන 210ක් අය කරගන්න පුළුවන් වෙලා තිබෙනවා. මේ ඉතිරි බිලියන 22 දෙසැම්බර් මාසේ 28 – 29 වෙනකොට අනිවාර්යයෙන්ම අයකර ගන්නවා. සුරාබදු නොගෙවූ විදේශ මත්පැන් වැරදි මාර්ගවලින් ඇවිල්ලා විකිණීමට තියෙනවා මත්පැන් අලෙවිසැල්වල. ඒවා සියල්ලම වැටළීම් කරනවා. පාරිභෝගිකයින්ට කියන්නේ යම්කිසි මත්පැන් බෝතලයක් මිලදී ගන්නේ නම්, ස්ටිකරය නැති විදේශීය මත්පැන් කිසිවිටෙක ගන්න එපා. මොකද මේවා විෂ සහිත මත්පැන් විය හැකියි.

සුරාබදු ආදායමෙන් 30%ක විතර ප්‍රමාණයක් අපට අහිමිවෙලා තියෙන්නේ නීතිවිරෝධී මත්පැන් නිසා. මේ මත්පැන් නැති කරන්න නම් වැටළීම් කරන ගමන්, ඒ සඳහා යොමුවෙලා ඉන්න මහජනතාවට විකල්ප යෝජනාවලියක් ගේන්න ඕනෙ. ඒක නිසා මම මුදල් අමාත්‍යාංශයත් එක්ක සාකච්ඡා කරලා දැරිය හැකි මිලකට ගත හැකි මත්පැන් බෝතලයක් නිෂ්පාදනය කරන්න, ඒක ප්‍රමිතියෙන් යුතුව රසපරීක්ෂක දෙපාර්තමේන්තුවේ පරීක්ෂා කරලා ඒ අනුමැතිය ලබාගෙන තමයි ඒක වෙළඳපොලට දාන්න දෙන්නෙ. මේක සුරාබදු ආදායම වැඩිකිරීම හෝ මත්පැන් ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක් නෙවෙයි, මහජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් තමයි 2025 වසරේ මුල් කාර්තුවේදී මේක ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා”

සුරාබදු කොමසාරිස් ජනරාල් උදය කුමාර පෙරේරා මහතා මේ බව පැවසුවේ ඊයේ (18) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 දණ්ඩ මුක්තිය නසා,යුක්තිය දිනන වසර කරගමු – ප්‍රගීත් එක්නැළිගොඩට යුක්තිය පතා මෝදර කාලි කෝවිලේ අධිෂ්ඨාන පූජාවක්! (PHOTOS)

කොළඹ LNW: මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ බලහත්කාරයෙන් අතුරුදහන්කර වසර 16ක්...

අමෙරිකාවේ දරුණු ශීත කුණාටුව අභියස ගුවන් ගමන් අවලංගුවීම්  8,000 ඉක්මවයි!

රෂිකා හෙන්නායක ජනවාරි 24 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...

දශක තුනක නිහඬතාවය බිඳදමා ළමා අපයෝජන නඩු පිළිබඳ සැඟවුණු සත්‍යය එළියට!

දශක තුනක නිහඬතාවය බිඳදමා ළමා අපයෝජන නඩු පිළිබඳ සැඟවුණු සත්‍යය එළියට!

රොගීන් අතහැර එන්න. දේශපාලන පිටියේදී විසදගමු – සෞඛ්‍ය නියෝජ්‍ය ඇමති වර්ජකයන්ට කියයි.

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:''දේශපාලඥයන් වශයෙන් අපි කරන්නේ...