*
Thursday, December 19, 2024
spot_img

Latest Posts

විරේන් අර්ධ අවසන් පූර්ව වටයට

සටහන – නිශ්මං රණසිංහ
දෙසැම්බර් 19,(LNW)කොළඹ :

බංගලාදේශයේ පැවත්වෙන YONEX-SUNRISE Bangladesh International Challenge 2024 බැඩිමින්ටන් තරගාවලිය නියෝජනය කරන කාන්තා සහ පරිමි කේවල තරග නියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතරින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන්නට විරෙන් නෙත්තසිංහ සමත් වුණා.කේවල කාන්තා සහ පිරිමි තරග අංශයේ ක්‍රීඩකයින් දෙදෙනෙක් සහ ක්‍රීඩිකාවන් තිදෙනෙක් අවසන් 16 දෙනා අතරට සුදුසුකම් ලබා සිටියත් ඔවුන් අතරින් අවසන් අට දෙනා අතරට පැමණීමට සමත් වූයේ විරෙන් පමණයි.
ජයග්‍රාහීව අවසන් 32 අතරට පිවිස සිටි පිරිමි අංශයේ දී දුමිඳු අබේවික්‍රමත්,කාන්තා අංශයේදී වරංගනා ජයවර්ධන,රශ්මි මුදලිගේ සහ පංචලී අධිකාරීත් අවසන් 16 දෙනාගේ වටයේදී ඉවතට වීිසි වුණා.වත්මන් ජාතික සූර විරේන් පමණක් මැලේසියානු ක්‍රීඩක චෝ වේන් ෂූන් ලකුණු 21-8 සහ 21-15 ට පරාජය කරමින් අවසන් 16 දෙනාගේ වටය ජයගෙන පෙරට ඒමට සමත් වුණා.


පිරිමි යුගල අංශයේ තරගාවලියට අදාළව අංක දෙකට ශ්‍රේණිගතව සිටි පිරිමි යුගලය වූ ශ්‍රී ලංකාවේ ඔෂ්මික කරුණාරත්න සහ තුලිත් පල්ලියගුරු බංගලාදේශයේ ජුමාර් අල් අමීන් සහ මෝජ්ජාම් හොසේන් අතින් ලකුණු 18 – 21,21-14 සහ 21 – 16 ලෙස පරාජයට පත් වුණා.එසේම දිනුර රශ්මික සහ සියත් සේනාරත්න ද බංගලාදේශ යුගලයක් වන සයිඩ් සකීර් සහ ෂිෆාට් උල්ලාහ් අතින් ලකුණු 21-15 සහ 21-16 ලෙස පරාජයට පත් වුණා.


කාන්තා යුගල අංශයේදී ශ්‍රී ලංකා කාන්තා යුගල සූරතාවය හොබවන රශ්මි මුදලිගේ සහ වරංගනා ජයවර්ධන ෆරාබි තලුක්කාර් සහ හසිමුක් සුමි විනාඩි 15 ක කාලයක් තුළ දී පරාජයට පත් කලේ ලකුණු 21-3 සහ 21 -4 ක් ලෙසයි.එසේම මිශ්‍ර යුගල තරග සඳහා ඉදිරිපත් වූ පංචලී අධිකාරි සහ තුලිත් පල්ලියගුරු බංගලාදේශයේ ජුමාර් අල් අමීන් සහ උර්මි අක්තාර් වෙතින් ලකුණු 21-19 සහ 21-15 ක් ලෙස පරාජයට පත් වුණා.
ඒ අනුව තරගාවලියට සහභාගී සිටින ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීිඩිකාවන් අතරින් විරේන් හැරෙන්නට තව දුරටත් තරගාවලියේ රැදී සිටීමේ අවස්ථාව උදා කරගෙන ඇත්තේ කාන්තා යුගල අංශයෙන් තරග කරන වරංගනා සහ රශ්මිට අමතරව එම කාණ්ඩයේ අංක 2 ට ශ්‍රේණිගතව සිටින ඉසුරි අත්තනායක සහ සිතුමි ද සිල්වා පමණයි.

http://www.sportwaynews.com/

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan