සටහන – නිශ්මං රණසිංහ
දෙසැම්බර් 19 ,(LNW)කොළඹ :
පළමු වරට පැවත්වෙන එල්පීඑල් පන්දු ඕවර් 10 ලීග් තරගාවලියේ අවසන් තරගය සඳහා සුදුසුකම් ලබා ගන්නට ජැෆ්නා ටයිටන්ස් කණ්ඩායම සහ හම්බන්තොට බංගලා ටයිගර්ස් කණ්ඩායම සමත්ව සිටිනවා.ඒ වෙනුවෙන් ඊයේ පැවති තරගවලදී ජැෆ්නා කණ්ඩායම සිය අපරාජිත බව රැක ගනිමින් හම්බන්තොට කණ්ඩායම ලකුණු 39 න් පරාජය කරන්නට සමත් වුණා.
කැන්ඩි බෝල්ට්ස් සහ ගාල්ල මාවර්ලස් කණ්ඩායම් අතර තරගයෙන් ගාල්ල කණ්ඩායම කඩුලු 6 න් ජය ගත්තත්,අවසාන තරගයේදි ජැෆ්නා කණ්ඩායමට එරෙහිව තරග වඳින්නේ කවුරුන්ද යන්න තීරණය කිරිමට හම්බන්තොට කණ්ඩායම සමඟ පැවති තරගයේදී ගාල්ල කණ්ඩායමට කඩුලු හතරක පරාජයක් භූක්ති විඳින්නට සිඳු වූවා.
අවසාන තරගයට පිවිසෙන කණ්ඩායම් සළකා බැලීමේදී ජැෆ්නා කණ්ඩායම ඉදිරියෙන් සිටිනවා.ඒ අපරාජිත බව නිසාම නොවේ.ක්‍රීඩක දක්ෂතා සැළකිල්ලට ගනිද්දී පිතිකරුවන් අතර කුසල් මෙණ්ඩිස් සිටින්නේ ලකුණු 203 ක් ලබා පළමු තැනයි.දෙවන තැන සිටින්නේ ද ජැෆ්නා කණ්ඩායම නියෝජනය කරන චරිත් අසලංකයි.එසේම ටොම් ඇබෙල් ද මුල් පිතිකරුවන් පස් දෙනා අතර සිටිනවා.
ඒ ආකාරයටම වැඩිම කඩුලාලාභියා ලෙස කැපී පෙණෙන දස්කම් දක්වමින් සිටින ට්‍රෙවින් මැතිව්ස් අයත් වන්නේ ද ජැෆ්නා ටයිටන්ස් කණ්ඩායමටයි.එසේම නුවන් තුෂාර ද ඔවුන් සතුව සිටිනවා.එහෙත් අවසාන තරගය වෙනත් තරගයක් වන අතර මෙම තරගය මීට පෙර දක්වා තිබෙන කිසිඳු දක්ෂතාවයක් අදාළ නොවන අලුත් තරගයක් නිසා තරගයේ තීරණය අවසාන වන තුරු ප්‍රකාශ කළ නොහැකියි.
දසුන් ශානක,කුසල් ජනිත් පෙරේරා,ෂෙවෝන් ඩැනියල් මෙන්ම පිතිකරණයේ දී හොංකොං සික්සර් ජයග්‍රහණය කළ ලක්ෂාන් ධනංජය සහ තරිඳු රත්නායක ද පිතිකරණයේ දී ඉහළ අංකයකට කැඳවා අත්හදා බලන්නට ද අවස්ථාව තිබෙන නිසා හම්බන්තොට කණ්ඩායම මේ තරගයේදී යම් පෙරළියක් කරන්නට ඉඩ තිබෙනවා.එසේම පන්දු යැවීමේදී මෙන්ම පිතිකරණයේදී මෙම තරග ආකෘතිය ඇතුළේ විශාල ලෙස ජාත්‍යන්තර අත්දැකීම් ඇති ඉසුරු උදාන ද හම්බන්තොට සතුව තිබෙනවා.
ලකුණු පාලනයට සමත් පන්දු යවන්නන් ලෙස සැළකිය හැකි ධනංජය ලක්ෂාන් මෙන්ම මේ මොහොතේ විශාල අවධානයක් දිනා සිටින අයිපීඑල් සඳහා පවා මිල දී ගෙන සිටින ඒෂාන් මාලිංග ද හම්බන්තොට කණ්ඩායම සතුව සිටීම පහසුවෙන් අමතක කළ නොහැකියි.
අවසාන තරගය බැවින් මේ තරගය යනු මින් පෙර පැවති කිසිඳු තරගයකට අදාළ නැති සූරයන් තෝරන තරගය බව දෙපිළම දන්නා බැවින්,දෙපිළේම සිටින විශිෂ්ඨයන් සිය හැකියාව උපරිමයෙන් පෙන්වන බව සහතිකයි.ඒ නිසා පළමු එල්පීඑල් පන්දු ඕවර් 10 තරගාවලියේ අවසානය වර්ෂාවෙන් බාධා නොවුණොත් තියුණු සහ දියුණු අවසානයක් දැකිය හැකි සංදර්ශණාත්මක තරගාවලි අවසානයක් වීමට ඇති ඉඩ විශාලයි.