හිංසනයෙහි වින්දිතයින් වන කාන්තාවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් රජය ගත් තීරණය!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ (LNW):

ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය හමුවේ හිංසනයෙහි වින්දිකයන් බවට පත්වන කාන්තාවන් සහ දරුවන් වෙනුවෙන් තාවකාලික රැකවරණය සැලසීම සඳහා කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය විසින් ගම්පහ, රත්නපුර, මොනරාගල, කොළඹ, මාතර, මඩකළපුව, මුලතිව් හා යාපනය යන දිස්ත්‍රික්කවල එක් රැකවරණ නිවාසයක් බැගින් ද අනුරාධපුර දිස්ත්‍රික්කයේ රැකවරණ නිවාස 02 ක් ද වශයෙන් රැකවරණ නිවාස 10ක් පවත්වා ‍ගෙන යනු ලබන අතර, නුවරඑළිය දිස්ත්‍රික්කය සඳහා රැකවරණ නිවාසයක් 2025 ජනවාරි මාසයේ සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන අතර, ඒ අනුව හිංසනයෙහි වින්දිතයින් බවට පත් වන කාන්තාවන්ගේ ආරක්ෂාව සැලසීම සඳහා වන තාවකාලික රැකවරණ නිවාස පරිපාලනය සඳහා මුදල් වෙන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ඇතැම් රැකවරණ නිවාස වල පරිපාලන හා නඩත්තු වියදම් කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය විසින් සෘජුවම දරනු ලබන අතර, ඇතැම් නිවාස සඳහා අදාළ වියදම් කාන්තා සුබසාධනය මූලික කරගත් සංවිධාන කිහිපයක් විසින් දරනු ලබයි. නමුත්, එම කාලය තුළ ඒ වෙනුවෙන් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය වෙත රුපියල් මිලියන 37.69 ක් පමණක් ප්‍රතිපාදන වශයෙන් ලැබී ඇති අතර, රුපියල් මිලියන 22 ක පමණ බිල්පත් තවදුරටත් නිරවුල් කළ යුතුව ඇත.

එහිදී. කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යවරිය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව සැලකිල්ලට ගෙන 2025 වර්ෂය සඳහා රුපියල් මිලියන 25 ක ප්‍රතිපාදන වෙන් කිරීමටත්, ඉන් අනතුරුව ඉදිරි වර්ෂයන් සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වාර්ෂික අයවැය ඇස්තමේන්තු මඟින් වෙන් කර දීමටත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී තිබෙන බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලසන්ත ඝාතනයට වසර 17යි – යුක්තිය අපේක්ෂාවෙන් අදත් පහන් දැල්වෙයි! (PHOTOS)

කොළඹ LNW: සන්ඩේ ලීඩර් කතෘ,ජ්‍යෙෂ්ඨ මධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයට...

ආරක්‍ෂිත ක්‍රියාමාර්ගවලට යොමුවන්න – කාලගුණයෙන් රතු නිවේදන!

කොළඹ LNW:ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු අවපාතය...

සරළව ගලායන ජීවන රටාවෙන් ඔබව වට්ටන දරුණු හිසරද…

රෂිකා හෙන්නායක ජනවාරි 08, කොළඹ LNW : සරල ජීවන රටා...

Spring Fever ඩිජිටල් වේදිකාවේ සිහිනය!

රෂිකා හෙන්නායක ජනවාරි 08 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Spring Fever...