කවුරු මට කැපුවත් මාව වට්ටන්න බැහැ. නැති වුණේ මන්ත්‍රී ධූරයක් විතරයි – හිරුණිකා

Date:

කොළඹ LNW:පක්ෂය වෙනුවෙන් උපරිමය කළා කියන හැගීම තමන්ට තිබුණත් පක්ෂයේ ප්‍රධානීන්ට එලෙස දැනී නොමැති හෙයින් තමන් තවදුරටත් පක්ෂය වෙනුවෙන් හා ජනතාව වෙනුවෙන් මහන්සි වෙන බව සමඟි ජන බලවේගයේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැවැසුවාය.

ඒ අනුව ඉදිරියේදී තමන්ගේ ආසනය තුළ පක්ෂය වෙනුවෙන් හා ජනතාව වෙනුවෙන් වැඩකරන බවයි ඇය පැවසුවේ.

”ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් සඳහා කාන්තාවක් ඉදිරිපත් කිරීමට යෝජනා වෙනවා නම් ඒ සඳහා ඒ නියෝජනය මට ලබාදෙන්න කියන ඉල්ලීම තමයි මම කළේ. පක්ෂය තීරණයක් අරන් තියෙනවා ජාතික ලයිස්තුවේ මන්ත්‍රී ධූර පහෙන් කාන්තාවකට අවස්ථාවක් ලබාදෙන්නේ නැහැ කියල. පක්ෂයේ තනතුරු තානාන්තර අවශ්‍යම වෙන්නේ නැහැ දේශපාලනය කරන්න. සමහර විට මොකක් හරි අඩුපාඩුවක් වෙන ඇති මගේ පැත්තෙන්. ඉතින් මම කල්පනා කළා තවතවත් මහන්සි වෙලා වැඩ කරන්න. පක්ෂය වෙනුවෙන් තව තවත් කැප වෙනවා. මම කරපු කැපකිරීම්වල හෝ මහන්සි වෙලා වැඩකරපු ඒවායේ අඩුපාඩුවක් නිසා හෝ වෙන්න ඇති මෙහෙම දෙයක් උදා වෙන්න ඇත්තේ. ඉස්සරහට මට ආසන සංවිධායක ධුරක් තියෙනවා. මම ආසනය ඇතුලේ තව තවත් මහන්සි වෙනවා.

ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය අහිමි වන්නේ පක්ෂය අභ්‍යන්තරයේ කිසියම් කැපිල්ලක් හේතුවෙන්ද යන්න කළ විමසීමට පිළිතුරු දෙමින් ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැවසුවේ තමන්ව කපා දැමීමට කවුරු උත්සහ කළත් අහිමි කර ඇත්තේ මන්ත්‍රී ධූරයක් පමණක් වන අතර තමන්ගේ දේශපාලන ගමන නැවත්වීමට හැකිව නොමැති බවයි.

”මොන පක්ෂේද කැපිලි නැත්තේ. 2011 පියා ඝාතනය කළාට පස්සේ මම දේශපාලනය එන්නේ. මම දිගටම වැඩකළා. ඔයිට වඩා බරපතල ලෙස කැපුවා. ඔයිට වඩා බරපතල ලෙස මාව වට්ටන්න හැදුවා. කාලෙකදී වැටුණා. නැවත නැගිට්ටා. නැවත පහර දුන්නා. නැවත නැගිට්ටා. නැවත නැගිටලා ඊට වඩා වැරෙන් මම ඔවුන්ට පහර දීලා තියෙනවා. ඔය කවුරු මාව කපන්න හැදුවත් මට ලැබෙන්න තිබුණ මන්ත්‍රී ධූරයක් විතරයි නැති කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. මගේ දේශපාලන ගමන නවත්වන්න හම්බෙලා නැහැනේ. මොන විදිහෙන් වට්ටන්න හැදුවත් මම එහෙම වැටෙන කෙනෙක් නෙවෙයි. මම නැවත නැවත නැගිටිනවා කැපිල්ලක් තියෙනවා නම් ඒ තැනත් මම දන්නවා.ඒවාට මුහුණ දෙන්න පුරුදු වෙන්න ඕනේ. මම හිතනවා මම පක්ෂය වෙනුවෙන් උපරිම කළා කියල. හැබැයි ප්‍රධානීන්ට දැනිල නැහැනේ මම උපරිමෙන් කළා කියල. මම හිතනවා මම තව ඔවුන්ට දැනෙන්න වැඩකරන්න ඕනේ ඇති කියල .” යනුවෙන් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැවැසුවාය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උතුරේ සහ නැගෙනහිර ඇතැම් දේශපාලන පක්ෂ කිහිපයක් ජනතාව නොමග යවමින් සිටිනවා – ඇමති නලින්ද

රෂිකා හෙන්නායක අගෝස්තු 17, කොළඹ LNW: අද(17) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ...

තමා ජනාධිපති ධුරය දරනතාක්කල් ෂිජින් පින් තායිවානය ආක්‍රමණය නොකරන බවට තමන්ට පැවසූ බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ට්‍රම්ප් බලයේ සිටින...

පිත්තෙන් මිනෙත් පන්දුවෙන් රයන් පෙරමුණට

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන...

අතීත පෞඩත්වය අවුස්සන, අලුත් රෙදිපිළි තාක්ෂණය එක්ක හාද අලුත් ක්‍රිකට් ඇදුම

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC), නිල...